Gagana's pov
මීදුම් අනන්යාට ඔරවලා මගේ ඇස් දෙක වැහුවාත් තේරුම් ගන්න ඕනා දේ ඒ වෙද්දිත් මට තේරුම් ගිහින් ඉවරයි. ඒත් මේ පිස්සු කොල්ලා නෙවේ විනාඩියක් විතර යනකන් ම මගේ ඇස් දෙකෙන් එයාගේ අත් දෙක අහක් කරගත්තේ.
"මීදුම්, මාව අතාරින්න අනේ."
මං බොහොම අමාරුවෙන් මගේ වෙර යොදලා මීදුම්ගේ අත් දෙක මගේ ඇස් දෙකෙන් අහක් කරගත්තා.
"අනන්යා, මේ අපි දෙන්නාට මහන්සියි. පස්සේ කතා කරන්න එන්නම්කෝ."
මං ඉණටත් අත තියන් බලා ඉද්දි මීදුම් අනන්යාට යන්නම් කියාගෙන ම මාවත් තල්ලු කරගෙන අපේ ගුරු නිවාසය දිහාවට ඇවිදන් යන්න ගත්තා. කලින් සිද්ධියට පස්සේ මීදුම් නම් ඉන්නේ සුපිරියට ම කලබල වෙලා. මට හිනාත් යනවා මේ කොල්ලාගේ පිස්සු විකාර වැඩවලට. ඒත් ඉතින් එයාගේ මාරාන්තික බැල්ම දරාගන්න තරම් මගේ හදවත ශක්තිමත් නැති නිසා මං වචනයක්වත් නොකියා ඉන්න තරම් පරිස්සම් වුණා.
"ඔය අනන්යා කරන දේවල් ඔයා වැඩිය ගණන් ගන්න එපා. ඒවා ගැන හිතන්න යන්නත් එපා. එයාට වෙලාවකට අමතක වෙනවා ඔය වගේ කතා හැමෝම ඉස්සරහා කියන්න හොඳ නෑ කියලා."
ගුරු නිවාසෙට එනකන් ම මාව අතනොහැරපු මීදුම් කිව්වේ ගුරු නිවාසේ දොර වහලා දාන ගමන්.
"ඔහ්.. හරි හරි. මං ඒක ගැන හිතන්නේ නැහැ. ඒත් මං මේ කල්පනා කළේ මගෙත් නියපොතු ටික කපාගත්තා නම් හොඳයි කියලා."
මං මගේ නියපොතු එහාට මෙහාට හරව හරවා කියද්දි දොර ගාව හිටිය මීදුම් ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බැලුවේ හරියට මං එයාට මොකක් හරි කරදරයක් කරන්න ගියා වගේ.
"මො..මොකක්? ඒ ඇයි?"
වෙව්ලන කටහඬින් මීදුම් ඒ විදිහට අහද්දි මට තේරුම් ගිය එක දෙයක් තමයි එයා දැන් ඉන්නේ කලබල වෙලා කියලා. ඇත්තට ම මට ඕනා වුණේ ඉතින් එයා ව ටිකක් අවුස්සලා ගන්න තමයි.
"නෑ. මං ඒක නිකන් කිව්වේ."
මං මීදුම්ට ඇහැක් ගහලා අනික් පැත්ත හැරෙද්දි මං දැක්කා එයා අමාරුවෙන් කෙල ගිල්ල විදිහ. පව් කියලාත් හිතුණා ඒ වෙලාවේ නම්. මං ඉතින් අමරුවෙන් හිනාව නවත්තගෙන ගියේ දැනුණ මහන්සියටත් එක්ක ඇඳ උඩින් ටිකක් ඇල වෙන්න.

YOU ARE READING
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Non-Fictionඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...