"නර්තන.. මචං..මේ"
මොනවා කිව්වත් සතින්ද්යගේ තියෙන තිගැස්ම නර්තනගේ වචන වලට අඩුවක් දෙන්න බැරි වෙලාද.. කොයි වෙලෙත් වැල නොකැඩි කියවන සතින්ද්යගේ කට අද වචන ගොත ගහනවා.. හැබෙයි ඉන්න,
"සතින්ද්ය ඔයා හිතන්න මං පොත් කියෙව්වට වචන එලියට දාන්න බැරි මනුස්සයෙක් කියලා.. එහෙම හිතලා කලබල නොවි ඉන්න මගේ ස්වරාලය ඉස්සරහා ෆිල්ටර් එකක් තියෙනවා"
මුලින් කිව්ව කිසි දේකින් බැරි වුනා නම් සතින්ද්යගේ හිත හදන්න, නර්තන දැන් පාවිච්චි කරේ සතින්ද්යගෙම ක්රමේට ඒ කලබලේ අඩු කරන්න. ඉතින් ඇත්තටම ඒක වැඩ කරාද කොහෙද සතින්ද්ය ටික වෙලාවක් යනකල් මුකුත්ම කිව්වේ නෑ. හැබෙයි,
"I love you baby!! Love you so much!!"
"ආහ්?"
කිසිම සද්දයක් නැතුව ඉදලා සතින්ද්ය එක සැරේටම කිව්ව දේට මූලින් නර්තන අන්ද මන්ද වෙලා ආහ් කිව්වත් ඊලග තත්පරේම කොල්ලගේ මූනට හිනාවක් ආවේ කලින් තිබ්බ ප්රශ්න කන්දරාව පොඩි වෙලාවකට පැත්තක තියලා.. මොකද,
"අන්න දැක්කද! දැක්කද නිර්මල මෙයා මේ නෑ නෑ කිය කිය අපි ඉස්සරහාම කෙල්ලෙක් එක්ක මල් කඩනවා!"
"අයියෝ තාත්ති නෑ! නෑ! නෑ!! මේ මගේ යාලුවා!!"
"මගේ පොඩි කොල්ලට ඉන්න දෙන්න විසු.."
"ආහ්~~~!!! Gowd!! He is my best friend!!!"
"ඇත්ත ඇත්ත! සති කපටියා"
"ඔව් උපී මේකා මේ යාලුවා යාලුවා කියනවා විතරයි අපි ආත්මෙකට මූට යාලුවෙක් ඉන්නවා දැකලා නෑනේ! මූ හෙන කපටියා තාත්තා..! අප්පච්චි තමයි තියාගෙන මෙයාව හුරතල් කරන්නේ!"
"ඒකනේ කෝ පෙන්නනවා බලන්න අපිටත් ඔය කෙල්ලව!"
"ආහ්~~!! for God sake මං මේ කන්දෙන් පනිනවා!!! නර්තන මං තියනවා මචං ඇහෙනවනේ හරි වදේ! නිදහසේ මනුස්සයෙක්ට කතා කරන්න බැරි රටක් මේක! Take care බං!!"
පසුබිම් ගාලගෝට්ටිය අස්සෙන් සතින්ද්ය එහෙමත් ආයාසයක් අරන් තමයි ඒ ටික කියලා හරි ඇමතුම විසන්ධි කරේ. එතන අඩුම පස් හය දෙනෙක්වත් සතින්ද්යව විහිලුවට අර ගත්තා.. ඉතින් ඒ කියන දේවල් ඇහි ඇහි නර්තනට හිනා නොගිහින් කොහොමද? ඒ හිනා වෙද්දිත් එයා හිතුවේ සතින්ද්ය මොන තරම් වාසනාවන්තද කියලා.. එයාට හරී ආදරණීය පවුලක් ඉන්නවා.. ඒක දැන් ඇහුනු ගාලගෝට්ටිය ඇතුලේ වුනත් නර්තනට තේරුම් ගියා.. හැබෙයි ඉන්න,