4 වන පරිච්ඡේදය

39K 2K 1.3K
                                    





ඉතින් දෑස් දල්වාගෙන හිටපු සුවහසක් දොලහා කළා බී වාසීන්ට නර්තන එයාව හරියාකාරව සම්පූර්ණ නමින්ම හදුන්වලා දුන්නා තමයි.. අන්න එතකොට තමයි එයා වුනත් මේ පන්තියේ ඉන්න හැම ළමයෙක් පාසාම හරි හමන් විදිහට බැලුවෙත්..

ඒ බැලුවත් වගේ..

හරියටම පන්තියේ ජනෙල් තිබ්බ පැත්තේ තිබුන මේස දෙක දෙක දාලා තිබ්බ පේලියේ මැද්දේ හිටපු කෙනෙක්ගේ බැල්ම නොකැඩි තමන් දිහාවට වැටිලා තියෙනවා කියලා නර්තන දැක්කේ දැන්..

ඒ කවුද ඒ? කලින් දැකලත් නෑ.. හුරු පුරුදු මූනකුත් නෙවෙයි.. දකින්න විදිහකුත් නැද්ද මන්දා.. ඒත් ආපු ගැස්මට නර්තන තත්පර ගානකින් ඇස් දෙක ආයෙම ඉස්සරහා බිත්තිය පැත්තට යවාගත්තේ දැන් එයා දිහා බලන් ඉන්න පන්තියේ සමාජිකයන්වත් මග ඇරලා.

"හරි එහෙනම්! නර්තන මං තමයි ඔයාලට මීඩීයා උගන්නන්න ඉන්නේ.. ඒත් දැන් තියෙන්නේ මගේ පීරියඩ් එක නම් නෙවෙයි දැන් එන්නේ ඔයාලගේ ඉංග්‍රීසි ටීච.. ඉතින් පුතා ඔයා හිස් තැනකින් ඉඳගන්නකෝ අපි ඊලග පීරියඩ් එකේ හම්බවෙමු"

ඉතින් මන්ති මිස් ඒ කියන ගමන් නර්තනගේ උරහිසටත් තට්ටු කරලා පන්තියෙන් යන්න ලෑස්ති වුනා තමයි.. එතකොට දැන් එයා ඉඳගන්න කොහෙද? හිස් තැනක් තියෙනවද? හිතේ තියෙන කලබලේට එයාට පන්තියේ තියෙන හිස් පුටුවක් මේසයක්වත් පේන්නේ නැද්ද මන්දා.. ඒත්,

"නර්තන! මෙතනට එන්න"

බෙල්ලත් හරවාගෙන තාමත් පන්තියේ ඉස්සරහා හිටන් හිස් තැනක් හොයන නර්තනට ඒ කටහඩ ඇහුනේ අර එයා දිහා බලන් හිටපු කෙනා ඉන්න පැත්තෙන් කිව්වොත් ඉතින් නර්තන ගැස්සිලා ඒ පැත්ත බැලුවා.

"ආහ්.."

බැලුවත් වගේ ඒ කෙනා තමන්ගේ එහා පැත්තේ ජනේලය ලග තිබුනු මේසය උඩට තට්ටු කරලත් පෙන්නුවම නර්තනට තව එතන පිලිමේ වගේ හිටන් ඉන්න බෑ. ඉතින් කොල්ලත් ගියා.. ගිහින් බිත්තාය පැත්තේ මේසය උඩින් බෑග් එක තියලා පුටුවේ ඉඳගත්තා.

"අද නම් මෙතන අයිතිකාරයා ආවේ නෑ මචං.. එහෙමයි කියලා මිනිහා ආයේ කවදා එයිද කියන්න දන්නෙත් නෑ ඒ එතකල් ඔයා මෙතන ඉන්න"

(අ)සිහි (Ongoing) Where stories live. Discover now