32 වන පරිච්ඡේදය

37.9K 2.3K 2.2K
                                    



"සතී මට ඔයාලා හරියටම යන්නේ කොහෙටද කියන්න"

ඉතින් යොහාර එයාලට එන්න වෙලාවක් එවලා තිබුනා නම් දැන් ඒ වෙලාවට ලගයි. ඒ නිසාම කිණිහිරගේ තාත්තා මේ ඉදිරිපත් වුනේ තුන් දෙනාවම අර කියන තැනට ගිහින් බස්සන්න.

"වැල්ලවත්ත KFC එක බාප්පි.. අපි ගොඩක් වෙලා ඉන්නේ නෑ පහ වෙද්දි එනවා"

"ඒ මොකද සති දැනටමත් පහ වෙන්න කිට්ටුයිනේ.. ඔය මොන පාර්ටිද! හැබෙයි ඔන්න කලින් පැන්නොත් එහෙම ඔයාට තමයි ක්ලාස් එකේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැත්තේ!"

"අනේ බාප්පි මේ..! ඇයි මොකද එයා මට කෑගහන්න මං එයාගේ මහ ලොකු බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයිනේ! අපි පහ වෙද්දි එනවා එච්චරයි! "

මනරු නම් කතා කරේ හිනා වෙවි. ඒ කියපුවා සතින්ද්‍ය ඇවිස්සිලා කෑගහද්දි එයා ඒවට කලින්ටත් වඩා හිනා වුනා. ඒ එක්ක ගනිද්දි පිටි පස්සේ සීට් එකේ හිටපු එක්කෙනෙක් විතරක් මනරු එක්ක මේ විනෝදය ගත්තට ඉස්සරහා සීට් එකේ ඉන්න කෙනා කරේ වීදුරුවෙන් එලිය බලාගෙන හිටපු එක විතරක් වුනත්.. ඒ ඇරෙන්න,

"එහෙම හරි නෑනේ මචං අපි හය වෙනකල්වත් ඉඳලා එමු! අනික යොහාර ගිටාර් එකකුත් ගේනවා කිව්වා යන්න කලින් සිංදුවකුත් කියලා යමු බං!"

කිණිහිරගේ තාත්තා එක්කම ඒතකු වෙලා නර්තන එයාගේ යාලුවාව අවුස්සන්න පටන් ගත්තේ ඒ තරම් දෙයක් තවත් නෑ වගේ. ඊටත් නර්තන අන්තිමට සිංදුවකුත් කියලා යමු කිව්ව වෙලාවේ සතින්ද්‍ය එයාගේ යාලුවා දිහා බැලුවේ ඒ ගේනවා කියපු ගිටාර් එක නර්තනගේ ඔලුවේ ගහන තරමේ මානසිකත්වයකින්.

"තව නම් රැව්වොත් සතී ඔයා ගිනි ගනි! යකෝ මේවනේ සරාගේ කනේ තියන්න වටින නිවුස්! ඕක කියපුවම සතිට ආයේ පුම්බ පුම්බ ඉන්න වෙන්නේ නෑ සරා ගිහින් අපේ කොල්ලගේ හිත හොරකම් කරපු කෙල්ලව කකුල්දෙක ගාවට අරන් එයි!"

"අනේ චූටි බාප්පි මේ!! මට කාටවත් හිත ගිහින් නෑ!! මට ඒ හෝන්තූවගේ කන්කරච්චලේ ඉවසන් ඉන්න බැරි නිසා මේ යන්නේ! අනේ නැත්තන් මට වැඩේමයි!"

සතින්ද්‍ය නර්තනගේ එහා පැත්තේ ඉඳන් දුම් විසි වෙවි පුපුරනවා. ඒත් නර්තන කරේ ගිනිගොඩට තව පිදුරු දාන්න වගේ එක අතක් සතින්ද්‍යට පේන්න ඉස්සරහට ගෙනත් ඒ අතේ වලල්ලක් දාලා වගේ අනිත් අතින් උජාරුවට ඒකේ හැඩ පෙන්නපු එක වුනත් රගපාන අතරමැද,

(අ)සිහි (Ongoing) Where stories live. Discover now