එතකොට ඒ.. චාරයක් නැති ඇස් නිසාද? නිර්වස්ත්ර මනස නිසාද? නැත්තන් ඒ ආමක වචන නිසාද? නෑ.. නැත්තන් ඒ කලින් දවසේ තමන් වටේට එතිලා තිබුනු අත්වල ස්පර්ශය මතක් වෙලාද?
බෑ එතනින් හරි හමන් විදිහට එකක් කියන්න බෑ.. එතන හේතු දහයක්.. නැත්තන් හේතු දාහක් වෙන්නත් පුලුවන්.. ඒ නිසාමද කොහෙද මේ සීතල අස්සේ තමන්ගේ කන් පෙති කලින් දැනුනු උණුසුම පරයා යන රත් වීමක් ගෝචර වෙද්දි කිසිම වචනයක් නොකියා නර්තන අර කිව්ව වචන ඉස්සරහා ගොලු වෙලා බලන් ඉන්නේ.. ඒත්,
වචන විතරද? නෑ.. ගොලු වතින් ඉන්න පාර්ශවය දිහාවට හෙමිහිට හෙමිහිට නොකියාම දික් වුනු කිණිහිරගේ ඇගිලි දෙකක් තරයේ ඒත් ලාවට වගේ නර්තනගේ රත් වුනු කන් පෙත්තක් අල්ල ගත්තේ නිකන් නෙවෙයි. ඒ උණුසුම ඇගිලි දෙකට හොදාකාරවම දැනුනු පමාව දිය මතුපිට ඇන්ද ඉරක් වගේ කට කොනේ ඇදුනු හිනාවක් එක්ක..
මොකද ඒ හිනාව කාටවත්ම පෙනුනේ නෑ.. හරියට බැලුවොත් මිසක් අසිහියට නම් ඒ හිනාව කොහොමත් ඇස් බැන්දුමක්. මොකද දකින පමාවට අතුරුදහන් වෙන ඉනාවක්. ඒත් ඉන්න..
"එ.. ඉතින් ඒක හොඳ නෑද්ද කිණිහිර?"
තත්පර ගානකට තමන්ව ගනි භවනය කරපු යන්තම් හිනාව, කන්පෙත්තේ රත්විල්ල හෙලි වුනත් මොකද දැන් මෙතන නර්තනගේ කටහඩ විතරමයි.. ඒත් ඇසිය යුත්තන් අහනවා.
"එහෙම වෙන එක හොඳ නැද්ද? ඒක හැමෝටම පුලුවන් දෙයක් නෙවෙයිනේ.."
"මං දන්නේ නෑ"
කන් පෙත්තෙන් අත ගත්ත අවසානයට උත්තරයක්. ඒත් කිණිහිරගේ ක්ෂනික උත්තරය නර්තනට දුන්නේ හිනාවක්.. ඒ ඇයි කිව්වොත්,
"මං ඒ උත්තරයට ආසයි"
"ඇයි?"
"දන්නේ නෑ කියන අය තමයි ඒ දේවල් ගැන හොඳටම දන්නේ!"
ඉතින් ඒ පෙනුම දැන් බලන්න වටිනවා. කිණිහිර මොන තරමින් තමන්ව හංගන විශයෙන් අසමත් කියන්න ඒ මූන ආයෙම වැස්ස දිහා බලපු බැල්මෙන්ම ඒත්තු ගැන්නුවා..
"ඔයාට අඳින්න ඕන කාවද, අබන්න ඕනේ කාවද කියන්න මං එයාව හරි මොකක් හරි ඔයාගේ කකුල් දෙක ගාවටම ගෙනත් දෙන්නම් කිණිහිර, හැබෙයි කවදාවත් ඔයාගේ නිර්වස්ත්ර ඇස් දෙක නම් වහන්න එපා"