28 වන පරිච්ඡේදය

37.2K 2.1K 2.2K
                                    



යාලුවෝ දෙන්නම සාප්පුව ඉස්සරහා හිටන් ඉද්දි තමන්ගේ සහෝදරයා නොදැක්කා හා සමානව කිණිහිර ඒ ප්‍රශ්න කරේ නර්තනගෙන්.. හරියටම ඒ ප්‍රශ්නය යොමු වෙන කෙනාට තමන් ගැන වැරදිකාර හැගීමක් දෝලනය වෙන්න හිත මැද්දට ගෙනත් ඇත හැරියා වගේ..

"ආහ් මේ අපි මේ ෂොප් එකට ආවනේ කිණිහිර..! මේ සතින්ද්‍යට අප-"

නර්තනට එතනින් එහාට දෙයක් කියන්න ලැබුනේ නෑ නෙවෙයි ලැබුනා. ඒත් ඒ හරියෙන් මනුස්සයෙක්ට ඒ කියන දේවල් තේරුම් ගන්න පුලුවන් සීමාව පටු වුනා මොකද සතින්ද්‍ය යාලුවගේ කට වැහුවා.

"මොකක්?"

ඉතින් කිණිහිරට ඒ කියපුවා නේතේරුන එක පුදුමයක් නෙවෙයි. ඊටත් යාලුවගේ මේ ආයාසය හුදෙක් ගත්තූ තෑග්ග ගැන වසන් කරන්න නම් නර්තන ඒ මොහොතෙම කට වහගත්තා.

"තමුසේ මොනාද මෙතන කරන්නේ මනු? කෙලින්ම ක්ලාස් එකටනේ එනවා කිව්වේ"

"මං මොනවා හරි කරනවා.."

"ආ හරි හරි! යමුකෝ දැන් ක්ලාස් එක පටන් ගන්න ලගයි යං යං!"

සතින්ද්‍ය එයාගේ සහෝදරයාගෙන් ප්‍රශ්න කරත් මොකද කිණිහිර දීපු උත්තරේ එක්ක මෙතන නතර වෙන කතාවක් නෙවෙයි කියලා දන්න නිසාම අන්තිමට නර්තනම මැදිහත් වෙලා දෙන්නව ඇදගෙන පාර මාරු වෙලා සරසවි මැදුරු මැදින් වැටුනු පාර දිගට ආයෙම පන්තියට කන්ද බඩගාන්න ගත්තේ.. ඒ වෙනකොට සතින්ද්‍ය වෙන ලෝකෙක පාවෙන ගමන් තනියෙම ඉස්සරහින් යද්දි නර්තනගේ අඩි තියවුනේ කිණිහිර ගානට.. ඉතින්..

"ක්ලාස් ඉවර වෙලා සරසවි එකට එන්න"

"ආහ්?"

එකම තාලයට අඩිය තියන ගමන් නර්තන ලගින් ඇදෙන කිණිහිර එක සැරේ කිව්ව දේ නර්තට නෑහුනා නෙවෙයි ඇහුනා. ඒත් දෙවෙනි වතාවට ඇහෙනකොට තමයි ඕනම දෙයක් ස්ථීර කර ගන්න පුලුවන් කියලා නම නොදන්න කවුරු හරි ඉස්සර කියලත් තිබුනා..

"සරසවියට එන්න"

ඉස්සරහම බලාගෙන හිටපු කිණිහිර නර්තන දිහාවට ඇස් හරවන් ඒ කියද්දි නර්තන,

"හා.. එන්නම්.. ඇයි? ඒ?"

එන්න කියලා විතරයි කිව්වේ.. ඇයි කියලත් දැන ගන්න ඕනේ.. ඒත් ඒ වෙලාවේ කිණිහිර තමන් දිහා බලපු තත්පරය.. ඒ ආරය තියෙන්නේ කිණිහිරට විතරමයි.. ඒක නිසාමද මන්දා  හිත කොයි වෙලෙත් යාලුකම උඩ පොර බඳින නර්තන හරි නිශ්ශබ්දයි..

(අ)සිහි (Ongoing) Where stories live. Discover now