ඉතින් එතන මහ ලොකු වචන ගොඩක් නෑ.. අත උඩ ලොකු තෑගි රැදුනෙත් නෑ.. ඒත් නිල්පාටට දිලිසුනු චාම් පා සලඹ දකින ටිකම අපර්ණාගේ කම්මුල් උඩ කදුලු ගංගාව අලුත් කරන්න සෑහුනා කිව්වොත්.. ඒ ප්රාර්ථනය එයාගේ හඳවතට කිඳා බැස්ස වේගය ඒ ඇස් වලින් කදුලු කැට කඩන් වැටෙන පමාව මොනවට කිව්වා.
ඇත්ත අපර්ණා ආයෙම අඩනවා.. උපන් දිනය දවසේ හිනාවුනු විනාඩි ගානට වඩා වැඩි වාර ගානක් එයා අඩනවා. තව දුරටත් තමන්ගේ අත උඩ දිලිසෙන තෑග්ග දිලා ඇස් මානයෙන් වසන් වුනු පුද්ගලයා නෑ කියලා දැනුන වෙලේ අපර්ණා ඒ තෑග්ග අතේ ගුලි කරන් අඩන්න ගත්තේ අත් වලින් පුලු පුලුවන් තරමින් තමන්ගේ මුහුන වහන්..
"අපර්ණා අයියෝ අඩන්න එපා හලෝ.."
ඒ අපර්ණාගේ යාලුවෙක්. එතකොට අනිත් යාලුවා,
"යොහාර තමුසේ මොකෙක්ද හලෝ!! තමුසේ අද දවසම කෑවා! ඔයාට වටින්නේ නෑ අපර්ණට එහෙම කතා කියන්න!!"
ඉතින් අපර්ණා පුටුවක් උඩ ඉදගෙන අඩන වෙලේ එයාගේ යාලුවො යොහාරව හෙලා දකින කෝණයෙන් එයාට බනිනවා.
"නර්තන එනවා!"
ඒ කෑගැහුවේ ඒ වෙන කොටත් එලියට ගිහින් හිටපු සතින්ද්ය. එතකොට කිණිහිර නම් ඒ වෙද්දිත් හිටියේ එලියේ. කොහොමත් සහභාගීත්වයට වඩා පැමීණීම වැදගත් සංකල්පය තදින්ම අදහන කිණිහිර මේ මොන රණ්ඩුවකටවත් හුම් නොකිව්ව එක පුදුමයක් නෙවෙයි ඒත් නර්තන,
"අපර්ණා..! අපර්ණා දැන් ඔයා යාලුවෝ එක්ක ගෙදර යන්න.. අඩන්න එපා බං.. මේ ඔයාලා කවුරු හරි පික්මී එකක් දාන්න..! යාලුවා තනියෙම යවන්නේ නෑ හොදේ!"
නෑ නෑ නර්තන තාම ඇතුලේ. මොකද අර දෙන්නටම දැන් ඇතුලේ රැදෙන්න හේතු නොතිබ්බට කලින් බහින් බස් වීම ගිය තුන් පාර්ශවයෙම යාලුවෙක් හැටියට එයාට මෙතන නිකන්ම දාලා යන්න හිත දුන්නේ නෑ. ඉතින්,
"යොහාර උබ! දැන් යනවකෝ ගෙදර පව් අර කෙල්ලව අඩවන්න එපා යකෝ මං උබව අල්ල ගන්නම්!"
"නර්තන මං-"
"නෑ නෑ උබ මුකුත් කියන්න එපා.. මට නෙවෙයි කරුණාකරලා කරලා කියන දෙයක් අපර්ණට කියපං..! උබ මේ දැන්මම එයාගෙන් සමාව ගන්න ඕනේ! මේ දැන්ම!"