ඉතින් සතින්ද්යගේ 'little mani' බලන්න නර්තන එහෙන්මම පිටිපස්ස හැරුනේ මොකද දැන් එයාගේ පිට අතගාන්නෙත් ඒ කෙනා වෙන්න ඕනේ නිසා.. ඒත්,
"කොල්ලට හොඳටම කැස්සනේ..! බෙහෙත් ගත්තේ නැද්ද?"
හැරුන පමාවට නර්තනට එයා දකින්න කැමතිම තරුව එතනට පෑයුවා හා සමානව හිතින් ඉපිලුනේ ඇයි කැස්ස දැන්ම නතර වුනේ කියලා හිතාගෙන. ඉතින් කොල්ලා නහයෙන් පැනලා ඉතුරු වුනු වතුර ආයෙම පිහිද ගත්තා. මොකද කිණිහිරගේ තාත්තා ඉස්සරහා එයා මෝඩයෙක් වගේ ඉන්න කැමති නෑ.
"නෑ අංකල් පොඩ්ඩක් වතුර හිර වුනා"
"ඔව් ඔව් නර්තනට කැස්සනේ චූටි බාප්පි! මෙයාට හොඳටම කැස්ස! මේ අපර්ණත් මූට ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන්න ලෑස්ති වුනේ!!"
නර්තන නෑ කිව්වට මොකෝ එයාගේ අතිජාත මිත්රයා කරේ අපර්ණා මදිවට එයාගේ තරුව ඉස්සරහත් අර මෙලෝ ලෝකේ නැති කැස්ස හදෝලා ලෙඩා කරපු එක. ඉතින් නර්තන සතින්ද්යට වැලමිටෙන් ඇන්නේ දත් මිටි කන ගමන්. දැන් මනරුගේ ඇස් දෙකත් හීනි වෙලා.
"ඇත්තද නර්තන මේ කියන්නේ?"
ඉතින් දැන් නෑ කියන්නද? අපර්ණත් බලන් ඉන්නවා.
"ටිකක්"
ඒ ටිකක් කිව්වේ ඇත්තද නැත්තන් කැස්සද මන්දා,
"හරි හරි කැස්ස නෙවෙයි අයියෝ ඇයි චූටි බාප්පි ඔයා මනුව මෙහෙට ඇදන් ආවේ!! අයියයි මායි අප්පච්චියි අද ඉඳන් බාප්පිලගේ ගෙදර එනවා තුන්වේලටම කන්න!!"
" ඒ මොකෝ? මොකද වුනේ?"
"මොකද වුනේ ගාන්නේ චූටි බාප්පි ඔයත් මාර වැඩ තමයි කරන්නේ! අද තාත්ති ඔට්ටුවක් ඇල්ලුවා මනු ක්ලාස් එකට ආවොත් එයා මාසයක් ගෙදර උයනවා කියලා! ඒ මදිවට අදම මේ යකත් මෙතනට ආවා!!"
ඒ කියද්දි නර්තනත් හිනා වේවි ඔලුව වැනුවා. ඉතින් සතින්ද්යට හරි.
"මගේ දෙවියනේ මේ සරා?? බුදු අම්මෝ සති බොලාගේ තාත්තාට පිස්සු නම් නටන්න දෙන්න එපා පුතෝ මතකනේ සැරයක් නිර්මල අයියාගේ Birthday එකට මිනිහා මාලු පාන් හදලා වුන වැඩේ! මගේ මිනිහටයි ළමයටයි දෙන්නටම අලාභහානි වුනා!!"