කලින් තිබුනු කෙලිලොල් හිනාව හෙලි නොකරපු මොන යම් දේකට හරි දැන් යොහාරගේ මුහුනෙන් ගිලිහිලා ගිහින්.. ඒ වෙනූවට තිබ්බේ යාන්තමට එලියට පැන්න මුරණ්ඩු කමක්.
"පිස්සුද මචං දැන් බෙල් එක ගැහුවොත් මාව පරක්කු පෝලිමට සෙට් වෙයි!"
කොහොම වුනත් නර්තන වෙන්න තියෙන අවමය ගැන මතක් කරලා හිනා වෙන්න අමතක කරේ නෑ. හැබෙයි අබන්ගල සර්ට අහුවුනොත් අද කොහේ තනකොල ගලවන්න වෙයිද.. ඒක දෙවියන්ට භාරයි.
"එහෙම වෙන්නේ නෑ"
"මොකක්ද උදේ පාන්දරම උබට වුනේ?"
"මොකද අර කිණිහිර ඔයාගේ ඇගේ හැප්පිගෙන ගියේ??"
"මං කොහොමද බං ඒක දන්නේ? ආහ් මට ඊයේ ඔයාගේ girlfriend ව හම්බුනා! අපර්ණා මගේ හොඳ යාලුවෙක්"
මේ පරක්කුව අස්සේ නර්තනට ඒකත් මතක් වුනා කිව්වොත් ඒ ඇහුනු පමාවට යොහාර කලින් යන්න නොදි අල්ල ගත්ත අත ඔන්න දැන් ටික ටික කලිහිල් කරනවා..
"ආහ්.. උබ අපර්ණාව දන්නවද?"
"නැතුව! අපි ඉස්සර ඉඳන්ම දන්නවා "
"අහා.."
ඉතින් දැන් යොහාර සම්පූර්ණයෙන්ම නර්තනගේ අත අත් ඇරලා ඉවරයි. හැබෙයි ඇස් අයින් වෙලා නම් නැති පාටයි මොකද පන්ති වලට දුවන කොල්ලන් දිහා බලන නර්තන දිහා බලන් යොහාර.. හිතන දේ දන්නේ නෑ.
"හා හා congratulations හොඳේ! මං ගියා!"
එතනින් එහාට ආයෙම අල්ල ගන්නත් තවත් දේවල් කියවන්නත් වෙලාවක් කොහෙත්ම නෑ.. අනික දැන් යොහාර අතින් වුනේ ටිකක් විතර අමුතු ජාතියේ ක්රියාවක් නිසාම නර්තනට කොහොමත් එතනින් පැන ගන්න ඕන වුනා..
හැබෙයි ඉන්න.. අර ඇගේ හැප්පීගෙන ගිය කෙනා..
"කිණිහිර!"
ගිය වේගයට නර්තන හිතුවෙම එයාට කිණිහිරව අල්ලගන්න බැරි වෙයි කියලාමයි. ඒත් නෑ.. නෑ එයා ඉන්නවා.. බලාපොරොත්තු නොවුන විදිහිට තාමත් පඩිපෙල නගිනවා. ඒත් නර්තනගේ කටහඩෙන් ලැබුනු දිරිගැන්වීමට ද මන්දා කිණිහිර කලින් ගිය වේගයට වඩා වැඩි වේගයෙන් පඩිපෙල නැගලා ඉවරයි.