නර්තනගෙන් එක සැරේටම මේ වගේ බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුනු ප්රශ්නයක් එයි කියලා සතින්ද්ය හිතුවේ නැද්ද කොහෙද.. මොකද ඒ අහපු සැනෙක සතින්ද්යට කට උත්තර නැතුව ටික වෙලාවක් යාලුවා දිහා බලන් ඉන්න වුනා.
"නෑ"
"නෑ?"
"නෑ"
"නෑ..?"
"නෑ මචං නෑ..!"
"හොඳයි"
හරියටම සරසවියට එහා පැත්තෙ අර චොක්ලට් කඩය ලගන් අපර්ණා යොහාර එක්ක අතත් අල්ලගෙන යනවා දැක දැක නර්තන ඒ කිව්වේ ගානකට නැතුව.
ඉතින් සතින්ද්ය සරසවිය ඇතුලේ තියෙන පොත් එලියේ ඉදන් තෝරනවා. කිණිහිර තිලකරත්න මාවත දිගේ එයාලා පැත්තට ඇදීගෙන එන වාහනයක් දිහා බලන් ඉද්දි ඔන්න ඒ වෙලාවෙම වගේ සුයිප් විකුනන තැනට තද නිල් පාට ටොයෝටා ජීප් එකකුත් ඇවිත් නතර කරා.
"ආහ් සතින්ද්ය සර් ආවා මං යනවා එහෙනම්.. කිණිහිර මං යනවා"
සර් නම් කිව්ව වෙලාවට ගානට ඇවිත්. ඒ විතරද කිණිහිරගේ තාත්තත් හරිම වෙලාවේ ඇවිත් තියෙන තැන නර්තන දෙන්නටම අත වනලා යද්දි ඒ දෙන්නව ගන්න ආපු වාහනයේ රියදුරු අසුනේ වීදුරුව පහත් වුනා කිව්වොත් නර්තන ගිහින් අර ජීප් එකට නගිනකල් රියදුරු අසුනේ හිටපු කෙනා ඒ දිහා බලන් ඉදලා ඊලගට,
"සුදු බබා මෙතන වාහන නතර කරන් ඉන්න බෑ නගින්න"
මනරුගේ කටහඩ ඇහුනෙත් ඒ පැත්තේ තියෙන අසුනේ දොර ඇරගෙන.. ඉතින් ඒ වෙලාවේ තමයි කිණිහිර වාහනයට නැග්ගේ.. මොකද ඒ වෙනකල්ම එයාගේ අවධානය රැදිලා තිබුනෙත් අර නවත්තන් හිටපු ජීප් රථයට කිව්වොත් ඒ තියන් හිටපු බැල්මේ කිසි හැලහොල්මනක් තිබුනේ නෑ..
එතකොට කොහොමද කියන්නේ.. කිණිහිරට තියෙන්නේ හරි උදාසීන බැල්මක්. ඒ මූන හැම වෙලාවකම හැගීම් රහිත මූනක්. කියවන්න පුලුවන් පිට කවර අතරේ කවරයක් නැති හිස් පිටු ගොඩක්.. ඉතින් හැගීම් විරහිත බැල්මත් හැගීම් විරහිත මුහුනත් එක්ක ඒ හිත ඇතුලේ මොන සිතුවිල්ල උපදිනවාද කියන්න වෙලාවකට එයාගේ පිය පාර්ශව දෙකටත් හිතා ගන්න බෑ..