15 වන පරිච්ඡේදය

35.2K 2K 2.1K
                                    





"මොකක්???"

"ඔව් අනේ..! මෝඩ ළමයා ඔයා දැන් මාමා කෙනෙක්! බබාට ඇහෙන්න එහෙම ආයේ මොඩ වැඩ කරන්න බෑ ඔන්න!"

"ආ..! මේ නර්තන? හහ්..! මම තමයි බබාගේ හොඳම මාමා ඔන්න බලන්නකෝ!"

"අම්මෝ ඔව් ඔව් අපි එහෙනම් බලමුකෝනේ හොඳ මාමාගේ මාමා ක්‍රියා සේරම පොඩි එකා එලියට ආවම!"

මෙච්චර වෙලා අක්කයි මල්ලියිගෙයි තිබ්බ කතාවට මැදිවෙලා අයියා ඒ කියනකොට මාමා ඇවිත් නර්තනගේ ඔලුවට ඔච්චම් ලා පහරක් දීලා හිනා වෙලා ඉස්සරහට යද්දි ඉතින්,

කොහොමද දැන් උඩ පනින්නද? සතුටට උඩ පනින්නේ පොඩ්ඩෝ විතරද? ඒක බාලාංශයේ වැඩක්ද? හරියටම අත් දෙකත් මිට මොලවගෙන කෑගහන් උඩ පනින්න??

නෑ!!

නෑ එහෙම නෑ! අපි ඕන කෙනෙක්ට සතුටට උඩ පනින්න පුලුවන් ඒකට වයස් සීමාවක් නෑ. ඉතින් හරි දැන් නර්තනටත් උඩ පනින්න නොහිතුනා නෙවෙයි. එයාට තනියෙම නෙවෙයි අක්කත් එක්කම උඩ පනින්න හිතුනා හැබෙයි බෑ.. මොකද එයා ඒ ආරංචිය ඇහුනු වෙලේ ඉඳන් තව මාස ගානකින් එලිය දකින්න ඉන්න කෙනාට බැඳිලා ඉවරයි. ඒ දුවෙක්ද පුතෙක්ද දන්නේ නෑ නර්තනට එන සතුටට එයා උඩ පනින එක වෙනුවට පුදුමෙන් ලොකු කරන් ඉන්න ඇස් හිනාවකින් පුරවන් අක්කාව බදාගත්තා.

හරියටම අද දවසේ අඩපු වැලපුනු හැම දුකකටම හරියන්න හිනා වෙලා.. කවදාවත් ඒ තරම් හිනා නොවුන ගානට.. දුකම විතරක් ඉතුරු වෙලා අවර්ණ අදුරක ගිලිලා තිබුනු හිත දැන් එන්න එන්න එලිය වැටෙන සේයාවට ඒ මූන එලි කරන් අක්ක්ව බදාගෙන පුදුමාකාර සන්තෝසයකින් හිනා වුනා..

ඉතින් දෑන් අම්මා හිටියා නම් මොන තරම් සතුටු වෙයිද? තාත්තා වුනත්? එයාලා ආච්චාලා සීයලා වෙලා කියලා දැන ගත්තාම මේ සතුට තව වැඩි වෙන විදිහ ගැන නර්තන හිත රිද්ද ගන්නේ නැතුව හිතලා බලන්න ලොකු උත්සහයක් ගත්තා.. ඉතින් ඇත්ත.. එයාලා හිටියා නම් මේ සතුට තවත් දෙගුන තෙගුන වෙනවා තමයි.. ඒත්,

"ආහ් අක්කේ මේ.."

"ම් මොකෝ?"

"හෙට ඉස්කෝලේ ඇරිලා මං එන්න පරක්කු වෙයි"

(අ)සිහි (Ongoing) Where stories live. Discover now