..
..
..
Dark night of 2022
.
.
.
අපි දෙන්න කාමරේට ගිහින් ගොඩක් වෙලා කතා කරලා අන්තිමට තීරණය කලා මේ ඉන්නෙ එයා නෙවේ කියලා..කවුරු මොනා කොහොම කිව්වත් මං දන්නවා අපි වලලපු අතීතේ ඒ ස්වරූපෙන්ම වෙන කෙනෙක් වෙලා අපි ඉස්සරහට එන්න බෑ කියලා..මොකද ඒ අතීතය කියන්නෙ අපි දෙන්නටමයි..අපි දෙන්නා ඒ අතීතයේම කොටස්..ඉතින් අපි දෙන්නා මේ විදිහට මෙතන ඉද්දි ඒ අතීතෙට අපෙන් අවසර නොගෙන කොහෙත්ම හොරෙන් අපේ ජීවිතවලට එන්න බෑ..එහෙම ආවොත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිවාර්යයෙන් ම හොදින් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ..
එකවගේ අය ඕනතරම් ඉන්න පුළුවන්නෙ..සීන් කියන්නෙත් අනිවාර්යයෙන් ම ඒ වගේ කෙනෙක්..තාම ඒ මූන දැක්කෙ නැති උනාට ඒ ඇස් දැකපු ගමන් මට දැනුනෙ ඒ එයාගෙම රූපෙ කියලා..හේතුවක් නැතුව රතු උනු ඇස් දෙක ,සුදුමැලි මූන තාමත් මාව අතරමං කලා උනත් එදා හවස් වෙනකම්ම කාමරේට වෙලා හිටිය අපි දෙන්නට හිත හදා ගන්න පුළුවන් උනා..කෑම මේසෙදි සීන්ව කොහෙත්ම ආයෙ හම්බ උනේ නැති වෙද්දි ලියන් එක්ක අපි විතරක් ඉන්න විලා එක බලන්න යද්දි කීප සැරයක්ම දැක්කත් හිනාවක් දෙන්න පුළුවන් තරමට මං හිත හදාගත්තා..එයා නම් හිනාවක් තියා බැල්මක්වත් නොදා සැරින් සැරේට තුන්වෙනි තට්ටුවටම ගියා..හේතුවක් හිතා ගන්න බෑ..ඒත් මට හිතුනෙම ඒ තුන්වෙනි තට්ටුවෙ එයා මොනා හරි හංගනවා කියලා..
..බෝ..බෝ..නිදා ගන්නකෝ අනේ..මං හින්දා ඔයා ගොඩක් වද වෙනවා..නිදි මරනවත් එක්කනේ..
ජාන් කොච්චර එපා කිව්වත් මං හිටියෙ එයාගෙ ඉදිමුනු කකුල් දෙක තවන ගමන්..ඉස්සර එයාට නැවතිල්ලක් නැතුව ම කදුවලින් උනත් දුවන්න පුළුවන්කම තිබ්බත් දැන් අපේ චූටික්කි හින්දා එයාට අඩියක්වත් හති නැතුව ඇවිද ගන්න බැරි උනා..ලාවට රස්නෙ තිබ්බ රෙදි කෑල්ලෙන් එයාගෙ කකුල් දෙක මං තවාගෙන යද්දි දන්නෙම නැතුව රෑ දොලහටත් ලන් වෙලා තිබුනා..කොච්චර එපා කිව්වත් මට නවත්තන්න හිතුනෙ නෑ..නොකීවට මං දන්නවා එයා ඉන්නෙ අමාරුවෙන් කියලා..මගෙ මැනික දෙවියො මවපු විශේශ කෙනෙක්..ඉතින් එයාට ඕනාවට වඩා මහන්සි වෙන්න බැරි උනා වගේම මාත් පුළුවන් හැමවෙලාවකම එයාව පරිස්සම් කලා..
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..