🎃 තිස් දෙවන හෝරාව 🎃

308 78 19
                                    

..

..

..



..හහ්...එකම ලේ.....එකම ලේ.....හහා.....

මං කියපු දේ අල්ලගෙන ජාන් ආයෙමත් හිනාවෙන්න පටන් ගන්නකොට මං තාමත් බිම වැටිලා ඉදන් ඒ වෙනස් වෙන මූන දිහා බලන් හිටියා....එයා මූන උඩට උස්සලා හිනාවෙන ගමන් දෙපැත්තට ඇවිදිනවා....ආයෙමත් නැවතිලා අත් දෙකෙන්ම මූන වහන් හිනාවෙනවා.....අදහා ගන්න බෑ එයාගේ හැසිරීම..පිලිගන්න ගොඩක් අමාරුයි මේ ඉන්නේ සහෝදරයද කියන එක...

..උබට එහෙනම් අන්තිමට ඒක මතක් උනා සීන්...ආ..හ්හ්..උබට මතක් උනා අපි දෙන්නගෙම ඇගේ දුවන්නෙ එකම ලේ කියලා කියන්න..හහා..උබට ඒක දැන්ද මතක් උනේ යකෝ ආ..හ්...මං.උබේ ගේගේ කියන්න උබට මතක් උනේ දැන්ද..සතෙක් ගානට මාව කාමරයක් අස්සෙ හිර කරනකොට , පිස්සෙක් කියලා හැම එකාම බනින්න පටන් ගන්නකොට උබට මාව මතක් උනේ නැද්ද සීන්....මට කියපන්..වෙඩින් එකටවත් නාව උබ මෙහෙම එකපාරටම ආවේ මං මැරිලා හොල්මන් කරන හැටි බලන්නද..හහා...ඔව් උබට කොහොමත් ඕන උනේ ඒකනෙ...ඔය හැම එකාටම කොහොමත් ඕන උනේ උබව බේරගන්න ඉපදුනු ගමන් මාව මරන්නනේ....උබව විතරක් තියාගෙන ජීවත් කරන්න බෑ කියලා කුනු මාලු කෑල්ලක් ගානට මාව විසි කරලා දාන්නනේ උබලා හැම එකාටම ඕන උනේ....ආ..හ්හ්...

..නවත්තගන්නවා ජාන්...උබ හැමදේම පටලන් ඉන්නේ...අපි කවදාවත් උබට එහෙම සැලකුවෙ නෑ...උබමයි රටේ මිනිස්සුන්ගෙන් කතා අහන තත්වෙට පත් උනේ..උබයි මේ සේරම කරගත්තේ....ඒකට උබයි වග කියන්න ඕන ජාන්..අපි නෙවේ....

..ඇති ඇති ඇති....

ගාර්ඩන් එක පවා දෙදුරුම් කන තරම් සද්දෙන් ජාන් කොන්ඩෙත් අත් දෙකෙන් අදින ගමන් කෑ ගහන්න පටන් ගත්තා....ඒ සද්දෙත් එක්කම අන්දකාරේ ගිලිලා තිබ්බ විලා එකේ ලයිට් එක පාරටම පත්තු වෙලා ආයෙම නිවිලා ගියා...ආයෙමත් පත්තු වෙලා ආයෙමත් නිවුනා....ඒ ඇති වෙන නැති වෙන ආලෝකෙන් මං ඉස්සරහා හිටිය යීබෝගේ ඇස් කොන් එන්න එන්නම රතු වෙනකොට වටේ තිබුනු දුමාරේ පවා වැඩි වෙලා යනවා කියන එක මට පෙනුණා....මට කරදරයක් කරන්න බැරි තෑන එයා වටේ තිබ්බ මල් වාස්වලටත් ගල් බන්කුවලටත් පිස්සුවෙන් වගේ ගහගෙන යනකොට මං නැගිට්ටා....මං ආදරේ කරන..මගෙ ජීවිතේ වැදගත් දෙන්නෙක් එක තැන එක ආත්මෙක හිර වෙලා ඉන්නකොට අඩන්නද හිනාවෙන්නද කියලා මට හිතාගන්න බැරි උනා.....අපි දෙන්නා අතරේ හිනාවෙලා කතා කරන තරම්වත් සහෝදරකමක් නොතිබුණත් මං ජාන්ට ආදරේ කලා..මට හිටිය එකම අයියා විදිහට ... පොඩි කාලේ මගෙ වීරයා විදිහට එයාට මං ආදරේ කලා..... කාලෙත් එක්ක අපේ ගතිගුනවල නොගැලපීම් එක්ක අපි ඈත් උනත් හැමදාමත් මං එයා දිහා බලන් හිටියා...මල්ලි විදිහට එයාගේ සතුට මට හැමදාමත් දකින්න ඕන උනා....මං ලග නැති උනත් එය සතුටින් ඉන්නවා දකින්න මට ඕන උනා....ඉතින් මං ඒ නිසාම එයාගෙන් ඈත් උනා.....කටකාර කොල්ලෙක් උනු මට ආදරේ කරන්න දාහක් දෙනා හිටියත් පොඩි කාලේ ඉදන් මිරිගුවක් පස්සෙ ගිය අමුතුම චරිතයක් තිබ්බ එයාට ආදරේ කරන්න හිටියේ යීබෝ විතරක් වෙනකොට මගෙ පලවෙනි ආදරේ පවා මං අතෑරියා....සීන් කියලා කෙනෙක් මෙ ලෝකේ ඉන්නවා කියලවත් යීබෝට නොපෙන්වා ජාන්ට සතුටින් ඉන්න දීලා මං හොරෙන්ම
ලෝකෙන් ඈත් උනා..ඒ එයා සතුටින් ඉන්න ඕන නිසා....ඒ දෙන්නම සතුටින් ඉන්න ඕන නිසා.....ඒ...ත්.....


🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now