🎃 හත්වන හෝරාව 🎃

411 95 7
                                    

..

..

..

පටන් ගද්දිම දෙයක් කියන්න ඕන..මං මේකෙදි ජාන්ව ප්‍රෙග්නට් කලා..කාටහරි ඒක ප්‍රශ්නයක් නම් සොරි ..ඒත් මට මේක අයින් කරන්න බෑ..මං කිව්වනේ කතාවේ රහස් වැඩී කියලා..ඒ නිසා බබා අයින් කළොත් කතාව අනිත් පැත්ත ගැහෙනවා..ඉතින් ටිකක් මං ගැන අනුකම්පා කරලා රිපෝට් නොගහා ඉන්න හාද..මේක ඇත්තක් නෙවෙ බොරුවක්නේ..ප්ලීස් අනේ..මේ සූටි කෙල්ලගෙ මහන්සිය අපතෙ යවන්න එපා හාද..😢


Again to 2022

..

..

..


පෙර කොටසින්....

..කොච්චර දැගලුවත් ගැලවෙන්න බැරි වෙද්දි ටික ටික මගෙ හුස්ම මගෙන් ඈතට ගිහින් කැරකෙවෙන ගතියක් මට දැනෙන්න ගත්තා..එන්න එන්නම සීන්ගෙ අත මගෙ බෙල්ලට තද උනා වගේම පොළොවට ගහන ගමන් තිබ්බ මගෙ කකුල් දෙක පන නැතුව යන්න පටන් ගත්තා..හුස්ම හිර වෙනවත් එක්කම මං දැක්කෙ සීන්ගෙ රතු උනු ඇස් වෙද්දි මගෙ ඇස් දෙක හිමීට පියවෙලා ගියා.......

.............................................................................................

බර වෙලා තිබුණු ඇස් පිහාටුවලට ඉවසගන්න බැරි විදිහේ සැරක් දැනෙනකොට අතක් උස්සලා ඇස් දෙක වහගෙන මං අනිත් පැත්ත හැරුනත් එකපාරටම මතක් උනු දේත් එක්ක මං ගැස්සිලා ඇස් දෙක ඇරියා..ඒ වෙලාවෙ මගෙ අත මගෙ බෙල්ලට ගියා වගෙම සොහොන වෙනුවට ඉන්නෙ වින්සේල්වල මගෙ කාමරේ කියලා තේරෙද්දි මට ලොකු හුස්මක් පිට උනා..ඒක හීනයක් එහෙනම්..ඇත්තක් කියලා හිතුනු අමතක කරන්න බැරි දරුණු හීනයක්..

..බෝබෝ..

ඔලුව උස්සපු මං දැක්කෙ කිරි වීදුරුවක් අතේ තියන් කාමරේ ඇතුලට එන මගෙ මැනිකව.ඒ වාත්තු කලා වගේ තියෙන කිසිම කැලලක් නැති මූනේ තිබ්බ හිනාව මං ඉන්න විදිහ දැකලා එකපාරටම නැති වෙලා ගියා..කිරි වීදුරුව පැත්තකින් තියලා එයා බඩටත් අතක් තියන් පුළුවන් තරම් ඉක්මනටම මං ලගට ආවා..

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now