🎃 විසි නවවන හෝරාව 🎃

248 77 11
                                    


..

..


..




කාලෙකට පස්සෙ....ඔව් කාලෙකට පස්සෙ මගෙ මූනේ අමුතුම හිනාවක් ඇදිලා ගිහින් තිබුනා ...මුලු ඔලුවම හි වෙලා ගිහින් මං කවුද , මොනාද මෙතන කරන්නෙ කියන එකවත් මතක නැතුව වෙනම ලෝකෙක වගේ හිටිය මන් මොකක්දෝ හැගීමක් නිසා අතරමං වෙලා හිටියා....ඒ මූනේ තිබුනු හිනාව තවත් පළල් වෙන ගමන් මගෙ දිහාටම අත් දිග ඇරිලා තියෙද්දි උලුක් වෙලා වගේ දැනුනු කකුලත් අද්දන ගමන් මං එයා ලගට ලන් උනා....තුවාලවලින් ඉවරයක් නැතුව ගලාගෙන ගිය ලේ බින්දු කමිසෙන් පවා පෙරිලා මං යන පාර ගැන කියන්න වගේ එක පෝලිමට වැටුනා ..තප්පර ගානකට කලින් කන් බීරි කරවන සද්ද ගොඩක් පිරිලා තිබ්බ විලා එකේ මේ වෙනකොට ඇහුනේ වීදුරු කටු ස්ලිපර්ස්වලට පෑගිලා චිරි චිරි ගාන සද්දෙම විතරක් උනා....

මං ඉස්සරහා හිටියේ මගෙ ශීයේ....මට ඊට වඩා දෙයක් වැදගත් උනේ නෑ....කලු පාට දුමාරයක් විහිදුනා උනත්..ලේවලින් වැහිලා තිබ්බා උනත් ඒ හිනාව තාමත් ඉස්සර වගේම මගෙ හිත පුරවනකොට මගෙ කකුල් ඇදෙන එක නවත්තගන්න මට බැරි උනා...නෑ මට ඕන උනෙත් නෑ......මැරුනා කියලා කෑ ගහලා කිව්ව එයාම අන්තිමට ලගට එන්න කියලා තුරුලු කරගන්න අත් දික් කරල තිබුනේ මගෙ හොද සිහිය පවා මගෙන් ඈතට අරන් යන ගමන්...එයාට ලන් වෙන්න...ආයෙමත් හුස්ම හිර වෙනකම් ඉබලා දාන්න...යන්න නොදී හිරකරගන්න කියන එක හිත ඇතුලේ ඉවරයක් නැතුව දෝංකාර දෙනකොට අපි දෙන්නා අතර තිබ්බ දුර අඩි පහකට අඩු උනා.....



..යූ.....

..ශ්..ශී..යේ..

..මං ගාවට එන්න මැනික...අපි දෙන්නට මග ඇරුනු..අපිට අමතක උනුඒ ලෝකෙට ආයෙමත් මාත් එක්ක යන්න එන්න....

..එ..ත..කොට එයා..

..අපිට එයාව එපා....අපිට ඒ කවුරුත් එපා යූ ...අපිට අපි දෙන්නා විතරක් ඇති...ම්ම්..කෝ ඉක්මනට එන්න....



එයා හිනා උනා.....රතු පාට වෙලා තිබුනු ඒ ඇස් හීනි වෙලා යනකොට මත් උනා හා සමානව මගෙ ඇස් දෙකත් බාගෙට ඇරෙන්න වැහෙන්න පටන් ගත්තා....එයාව ඕනමයි කියන එක විතරක් මගෙ ඔලුව ඇතුලෙ වැඩ කරන්න පටන් අරන් තියෙද්දි අඩි පහ පහු කරලා ගිය මං ඒ ලේ වැගිරෙන අත් අස්සට ගුලි උනා.....





🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now