..
..
..
..එහෙම නෑ නෙවේ යකෝ......යීබෝව උබට අයිති නෑ....උබ හිටපු හස්බන්....යීබෝ අයිති මේ මටයි...මොකද මමයි යීබෝගේ දැන් ඉන්න හස්බන්ඩ් ....!!!!..
මං කෑ ගැහුවා....ඉවසන්න පුලුවන් උපරිම සීමාව මගෙත් ඉක්මවලා යන්න පටන් ගන්නකොට ඒ ඉන්නෙ ආත්මයක් කියන එකවත් නොබලා මං කෑ ගැහුවා.....හැමවෙලාවකම...හැමවෙලාවකම.....යීබෝ එයාගේ කියනවා..යීබෝ අයිති එයාට කියනවා...එහෙනම් මම කවුද...මාස හයක් තිස්සෙ මං යීබෝගේ කවුද....එයාව අයිති ජාන්ට නම් මට අයිති නැද්ද.....
..හහ්...හස්බන්ඩ්...??..
ජාන් මට දැම්මේ සමච්චලේකට වගේ නැඟුණු හිනාවක්...පිලිගන්න අකමැති උනත් මං දැනන් හිටියා ඒ හිනාවෙන් කියන දේ.....
..කොලේකට අත්සන් කරපු පලියට යීබෝ උබට අයිති උනේ නෑ සින්...එයා හැමදාමත් ආදරේ කලේ මට.....තාමාත් ආදරේ කරන්නෙත් නෑ....පිස්සෙක් පවා උනේ මං නිසා.....සිහි විකල් වෙලා යන තරමට යීබෝ මට ආදරේ කලා...ඒත් උබට මොනාද දුන්නෙ ආ..හ්..මට කියපන්...යීබෝ උබට උබේ නම කියලවත් කතා කරලා තියෙනවද..නෑනේ...ඌ ආදරේ කලේ මට යකෝ...බැන්දෙ උබව උනාට ඔය මූන අස්සෙන් හෙව්වෙත් මාව....සීන් කියලා එකෙක් මේ ලෝකේ ඉන්නවද කියලවත් නොදැන ඒකා මගෙ නමෙනුයි උබට කතා කලේ...මං කියලා හිතාගෙනයි උබ ලග හිටියේ.....ඉතින් කොහොමද යකෝ කියන්නෙ යීබෝ අයිති උබට කියල...ඌව අයිති මට මට විතරයි.....
මං අහන්න අකමැති ඇත්ත ජාන්ගේ කටින් පිටවෙනකොට අමාරුවෙන් උනත් මං ඉවසන් හිටියා....ඇත්ත...යීබෝ කවදාවත් මට ආදරේ කලේ නෑ..එයා ආදරේ කලේ ජාන්ට...මගෙ මූනෙන් පවා හෙව්වේ එයාව...බැදලා එක වහලක් යටට ගිය දවසේ මාව අයිති කරගන්නවා වෙනුවට එයා කලේ ඇදුම උස්සලා නූපන් දරුවෙක්ව හෙව්ව එක....දරුවෙක් ඉන්නවා කියලා හිතන් හිස් බඩට කන තියාගෙන කතා කරපු එක....නමක් තිබිලත්...ඒ නම නොදැන උනත් එයා දිගින් දිගටම කලේ මට
" මගෙ මැනික " කිව්ව එක...ඒ නම මගෙ නෙවේ කියලා දැන දැනම හොරෙන් හොරෙන් අඩන්න උනු එකයි මට උනේ......හිතුවත් ආදරේ කරන කෙනාව බැන්දහම ලෝකෙම සතුට ලැබෙයි කියලා මට උනේ මුල්ලක් අල්ලන් හූල්ලන්න...එයා ආදරේ මට නෙවේ කියලා දැන දැනම මට උනා ඉවසන්න...අවුරුදු තුනකට කලින් එයාගේ ජීවිතේ ජාන්ට දිලා පැත්තකට වෙලා හිටියා වගේ ආයෙමත් ඒ හිතේ ජාන්ට විතරක් ඉඩක් වෙන් වෙලා තියෙද්දි කවරදාටත් වඩා මට උනා ඉවසන්න....ඉවසන එකේ උපරිම සීමාවත් පහු කරලා මට උනා ඉවසන්න...
STAI LEGGENDO
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..