..
..
..
Author ' s P O.V.°°°°°°°°°°°°°°°
ඉක්මනටම බැහැලා ගිය ඉර අන්දකාරය පිරුනු රෑක සලකුනක්වත් ඉතිරි නොකර ආයෙමත් කදු අස්සෙන් මතු වෙලා තිබ්බා..කවදත් වැහි බර කාලගුනයක් තියෙන වින්සේල් අහසෙ පිරිලා තිබුනු වලාකුලු අස්සෙන් හිනියට ඉර එලිය ගලන් ඇවිත් සාලේ කොනකට වැටුණා....නෑ ඒක සාලේ කොනමත් නෙවේ...ඒ ඉර එලිය වැටුණේ කිසිම මුහුණු ආවරයක් නැතුව නිදහසේ සෝෆා එකක ඉදන් ඈත කදු පන්තිය දිහා බලන් ඉන්න සීන්ගේ මූනට.....උදේ මන්දාලෝකය වීදුරු පහනේ හැප්පිලා සීන්ගේ සුදුමැලි පාට කම්මුලක් උඩින් ඇදිලා ඒ ඍජු නහය උඩ නතර උනා...ඉර එලිය නිසා හෝ කවදාවත් නැති තරමක ලා රෝස පාටක් ඒ වත්සුනු නොගාපු කම්මුල්වල තියෙද්දි කිරිගරුඬ පිලිමයක්ද කියලා හිතෙන තරමට හිත ඇදිලා යන කිරි ගරුඩ රූපයක් හා සමානව සීන් නොසෙල්වී හිටිය....ඇහි පිල්ලම්ක් හො නොගහපු ඒ රූපේ ඈත්න් බලන කෙනෙක්ට විස්තර කරන්න බැරි තරම් සුන්දර උනත් ලස්සන වස්තුවල භයානක බව වැඩී කියන්නම ඒ ලස්සනෙත් හැංගුනු රහසක් තිබ්බා....එකක් නෙවේ...ගනන් කරන්න බැරි තරම් ගොඩක් .....
..ඔයා දවසින් දවස ලස්සන වෙනවනේ බබා...මොනාහරි බොනවද ඒකට....
කන ලගින්ම ලියාන්ගේ කටහඩ ඇහුනත් සීන් නෑසුනා වගේ දිගටම ඈත කදු පන්තිය දිහා බලන් හිටියා......
...විකාර නොකියා ඉන්නවද...මට මේහැමදේම කලකිරිලා ඉන්නේ...
..ආ ඒ මොකද ඒ...
....................
..කෝ ඉතින් කියන්නකෝ..
..ඔයා උත්තරේ දන්නවා ලියාන්....දැන දැනත් දන්නෑ වගේ අහන්න එපා...මට පේන්න බෑ....
..වෝහ් වෝහ් වෝහ්..හාකෝ ඉතින් ...ඒ උනා..ට ම...... හේ...යි යීබෝ....ගුඩ් මොර්නින්ග්....
එකපාරටම මිදුමෙන් වැහිල තිබුනු එලියෙ ඉදන් යීබෝ ඇතුලට එනකොට ලියාන් අත වනනවත් එක්කම සීන් ගැස්සිලා වගේ ගිහින් මූන අනිත් පැත්තට හරව ගත්තා...ඒ පමාවෙන්ම සීන් අතේ තිබ්බ මාස්ක් එක මූනට දාන් නැගිටින්න හැදුවත් හෙවනැල්ලක්වත් හොයන්න බැරි වෙන්න යීබෝ යන්න ගිහින් තිබුනා ..අඩුම ගානේ එයා ඔලුව හරවලවත් බැලුවෙ නෑ..ලියාන්ගේ කටහඩ විලා එක පුරා දෝංකාර දුන්නත් එයාට නෙවේ වගේ යීබෝ යන්න ගියා.....කිසිම හැඟීමක් නැති සුදුමැලි උනු මූනකින් කවදාවත් නැති තරම් වේගෙන් එයා අඩි තියලා කාමරේට යන්න ගියා.....
VOUS LISEZ
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horreur...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..