..
..
..
..ලියා...න්....
පැටලුනේ කොතනද කියලාවත් හිතාගන්න බැරි තැන මං අවුල් උනු ඔලුවකින් එයාට එහා පැත්තෙන් පඩි පෙලේ වාඩි උනා....විනාඩි ගානක් යනකම් අපි දෙන්නගෙන් කවුරුත් ම කතා කලේ නෑ....සීන්ට වෙලා තියෙන දේ දැක්කට පස්සෙ ඇහුවට පස්සෙ මටවත් මේ වෙන්නෙ මොනාද කියලවත් අහන්න සිහියක් තිබ්බෙ නෑ...දකින්න උනු සමහර දේවල් එක්ක මං ඇත්තටම විස්වාස කලා සීන්‍ට අසනීපයක් නෑ එයා කරන්නෙ බොරුවක් කියලා....ඒක මාව මෙහෙට ගෙන්නගන්න කරපු උගුලක් කියන එකත් මට තදින්ම දැනුනා....ඒත් මේ වෙලාවේ එයා කරන්නෙ රගපෑමක්ද නැත්නම් ඇත්තටම තවත් අසනිපයක් එයාට තියෙනවද කියන එක මට හිතාගන්න බැරි උනා...සයිකොලොජිස්ට් කෙනෙක් උනත් මාත් මනුස්සයෙක් ..මං යකඩෙන් හැදිලා නෑ..මාත් වැටෙනවා..මගෙ ඔලුවත් අවුල් වෙනවා..පේශන්ලා මට දෙවිවරුන්ට වගේ සැලකුවත් සමහර අවස්තා තියෙනවා මාත් දන ගහලා දෙවියන්ගෙන්ම උදවු ඉල්ලන තැනට අසරණ වෙන....මෙතනදි මං පේශන් කෙනෙක්ටත් වඩ අසරණයි...එක පැත්තකින් මගෙ මැනිකයි දරුවයි නෑ...අනිත් පැත්තෙන් සීන් මෙතන විකාරයක් නටනවා...ඒක ඇත්තට කරණ දෙයක්ද මාව ජාන්ව හොයන එකෙන් නතර කරන්න කියලා කරණ දෙයක්ද කියලා හිතාගන්න බැරිව මං තවත් අවුල් වෙලා ගියා......
..ලියා...න්..
මං.ආයෙම කතා කලා....ඒ පාර නම් එයා ගැස්සිලා පාත් කරන් හිටිය මූන ඉස්සුවා....මේ තරම්.ලොකු විලා එකක් ඇතුලේ අපි දෙන්නා විතරක් පඩිපෙලක් උඩ ඉදගෙන කතා කරනකොට මට මහ මූසල හැඟීමක් දැනෙන්න ගත්තා....
..ඕ ඕ කියහන්...
..මට බයයි බං...
..ඇයි ඒ....
..මගෙ කොල්ලා කෝ ලියාන්...
..කොහෙ හරි ඇති...
..කොහෙ හරි ඇති කියන්නෙ මගෙ කොල්ලා ෆෝන් එකක් චාජර් එකක්ද බං...ඌ දරුවෙක් ලැබෙන්න ඉන්න එකෙක්....
..බය වෙන්නෙ නැතුව හිටපන්...මේ විලා එක පේනවට වඩා ලොකුයි...ජාම් කොහෙ හරි අතරමන් වෙලා පාර හොයාගන්න බැරිව ඇත්තේ..මේ කාමරත් සන්පෲෆ් ....කතා කළත් ඇහෙන්නෙ නෑ...මං සර්වන්ට්ස්ලටත් හොයන්න කියලනේ තියෙන්නෙ ඉක්මනට අපි හොයා ගමු...
VOUS LISEZ
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horreur...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..