..
..
...
..එයා නෑ....
මුලුගේ පුරාම හොයලත් යීබෝව හොයාගන්න නැති තැන සීන් වගේම ලියාන් කලබලෙන් නලලටයි ඉනටයි අත් දෙක තියාගත්තා.....සීන්ට කෙසේ වෙතත් ලියාන්ට නම් මේ වෙන දේවල් එකක්වත් අදහා ගන්න බැරි උනා....සීන්ට උනු කිසිම දෙයක් මතක තිබ්බෙ නෑ...එයාට මතක තිබුනේ අන්තිමට හුලන් වදින්න කියලා විලා එකෙන් එලියට ගිය එක විතරයි...ඒත් ලියාන් වින්දෙ වගේම දැක්කෙ ඕන මිනිහෙක්ගේ හොද සිහිය නැතිම කරලා දාන්න පුලුවන් තරම් දේවල්...බොරුවක්..හිතේ මවන් ඉන්නවා කියලා හිතුව දේවල් ඒ....යීබෝට හොද සිහියට එන්න කියලා බැන්න ලියාන්ටම උනේ අන්තිමට එයාගේ හොද සිහිය්ත් නැති කරගන්න.....අවුරුදු ගානක් ජීවත් වෙලත් හේතුවක් නැතුව හුලගක්වත් නොවැදුනු තැනක එකපාරටම මේ වගේ දේවල් අත් විදින්න සිද්ද වෙනකොට පිස්සු නොවැටී තියෙයිද...කොහොමද අදහා ගන්නෙ මේ වෙන දේවල් ඇත්තටම සිද්ද වෙනවා කියලා....මිත්යාවක් විතරයි කියලා හිතන් හිටිය දේවල් ඇස් පනාපිටම ඇත්ත වෙනකොට ඉගෙන ගත්ත මනුස්සයෙක් උනත් ඉවසන්නෙ කොහොමද......
..ආ ....ර් හ්හ්හ්....
ලියාන් හිටියේ කාමරවල බලන ගමන් වෙනකොට සාලෙට වෙලා හිටිය සීන්ට දැක්ක දේත් එක්ක එකපාරටම කෑ ගැහුනා...මොකද එයා දැක්කෙ දකින්න ඕන දෙයක් නෙවේ....හිටගෙන හිටිය සීන් ඒ දැක්ක දේත් එක්ක කකුල් පන නැතුව බිමට ඇදන් වැටෙද්දි ලියානුත් එතනට දුවන් ආවා....සීන් දැක්කෙ එයාටම අදහාගන්න පුලුවන් දෙයක් නෙවේ....යීබෝ හිටියා...ඔව් යීබෝ හිටියා...ඒත් නිකම් නෙවේ...එයා හිටියේ ලේ ගොඩක් උඩ වැටිලා...එයාගෙන්ම ගලන් ගිය ලේ ගොඩ උඩ යීබෝ සිහියක් පතක් නැතුව සුදුමැලි වෙලා වැටිලා හිටියා...එයාගෙන් ගලාගෙන ගියපු ලේ බිම ඉන්දවෙලා හිටපු සීන්ගේ කකුල්වල පවා ගෑවෙන්න ගද්දි එයා අත් දෙකෙන් කන් දෙක වහන් පිටිපස්සට බඩ ගෑවා.....
..ස්..සීන් සීන්..මොකද උනේ....
..ය්..යී..බෝ..එ...යා...මෙතන....මෙතන...
..කෝ කොහෙද...කොහෙද ඉන්නෙ යීබෝ....ආ...හ්...
ඒ තප්පරෙන්ම සීන් ඇස් ඇරල බැලුවා....නෑ ඒක වෙන්න බෑ....මේ මොහොත වෙනකනුත් බිම වැටිලා හිටිය යීබෝ දැන් එතන හිටියේ නෑ.... අඩුම ගානේ එක ලේ බින්දුවක් තිබ්බෙ නෑ..කකුලේ ගෑවුනා කියපු ලේ පැල්ලමවත් එතන තිබුනේ නෑ..
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..