🎃 දෙවන හෝරාව 🎃

733 153 34
                                    

..

..

..

Same day of 2022



මගෙ හිත තාමත් මහා මූසල හැගීමකින් පිරිලා තියෙද්දි මට දැනුනෙ කකුල් දෙකවත් හොල්ල ගන්න බෑ කියලා..හේතුවක් නැති උනත් කකුල් දෙක පොලොවටම ඇලිලා තියෙද්දි එක තප්පරේකට මට අමතක වෙලා ගියා මං මේ ඉන්නෙ කොහෙද කියලා..මට හෙලවෙන්න තියා හිතන්නවත් නොදී මොකක් හරි තද කරලා මාව අල්ලන් ඉද්දි මායාවකට අහු උනා වගේ මං ටිකක් ලොකු කාමරේ තිබුණු කන්නාඩි මේසෙ දිහාම බලන් හිටියා..ඇයි මට මොනවත් කරන්න බැරි..ඇස් පිල්ලම් ගහනවා තියා මට ඇස් දෙකවත් වෙන පැත්තකට හරව ගන්න බෑ..කරකවා අතෑරියා වගේ හැඟීමක් දැනෙද්දි මං කන්නාඩි මේසෙන් පෙනුණු ප්‍රතිබිම්බය දිහාම බලන් හිටියා..ඒක තිබ්බ විදිහ අනුව ලාවට ඇරලා තිබ්බ දොර මට හොඳටම පෙනුණා..ලයිට් දාලා නෑ වගේ දොරෙන් එහා තනිකරම කළුවර වෙලා පේනකොට මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ මොනාම හරි වෙන්න යන්නෙ කියලා හිත කෑ ගහද්දි
..දොරට එහායින් තිබ්බ කළුවර අස්සෙන් ඇහැට පේන නොපෙනෙන මොනා හරි තනි සුදු දොරේ දාරෙ උඩ පහලට ඇදිලා යද්දි මට දැනුනෙ මුලු ඇගේම රෝම කූප කෙලින් උනා කියලයි..කෑ ගහන්න හිතන් කට අරින්න බැලුවත් එකපාරටම මං ගැස්සිලා ගියේ මට එහායින් ඇහුනු සද්දෙත් එක්ක..

උඩ ගියපු මං ඇස් දෙක කරකවලා ඉක්මනටම එහා පැත්ත බැලුවා...නින්දෙන් නැගිට්ටා වගේ හැඟීමක් දැනෙද්දි මං බෙල්ල පොඩ්ඩක් දෙපැත්තට කැඩුවෙ උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව..මං ආයෙත් හීනෙන් ඇවිද්දින්න පටන් අරන්ද..ඒත් නිදා ගන්නෙවත් නැතුව මේ උදේ පාන්දර..හිත නම් මොනවදෝ කියලා කැ ගහද්දි මං ලොකු හුස්මක් අතෑරලා ජනෙලේ දෙපැත්තට අරින ගමන් හිටිය මගෙ මැනිකගෙ ඉන වටේ අත් දැම්මා..ඒක නම් ටිකක් අමාරුයි වගේ..මේ දඟ චූටික්කියා නිසා බඳින්න කලින් වගේ බදාගන්න බැරි වෙද්දි මං අත් දෙක අරන් එයාගෙ බෙල්ල වට්‍රේ දාන් මගෙ පපුවට තුරුලු කර ගත්තා..

..මේ පැත්ත ලස්සනයි නේද මැනික..මෙහෙ ආව එක හොඳයි නැත්නම් මං වැඩ ඉවර වෙලා එනකම් පාලුවෙන් ඉඳලා ඔයාටත් එපා වෙනවනේ..

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now