🎃 අටවන හෝරාව 🎃

477 108 17
                                    

..

..


Third floor in 2022

..

..

..



..මං කිසිම වෙලාවක කිව්වේ නෑනේ ඒ මනුස්සයෙක් කියලා බෝබෝ..

ඒ වචන මගෙ කන් ඇතුලේ දෝංකාර දෙද්දි මගෙ ඇස් නිකන්ම ලොකු උනා..

..මොකක්..මොකක්ද ඒ කතාවේ තේරුම..

..සොරි..

උරහිස් දෙක උස්සලා සීන් මගෙන් ඈත් උනා..

..ඔයාට කතා කරන්න මං දීපු වෙලාව ඉවරයි..ම්ම්..නායිස්..කින්ග් සයිස්නේ..

මට දීපු වෙලාව ඉවරයි කිව්ව සීන් මගෙ ඉනෙන් පහලටත් තට්ටුවක් දාන් ලැජ්ජ නැති කතාවකුත් කියල යද්දි මං ගල් ගැහිලා වගේ බිත්තියටම හේත්තු වෙලා හිටියා..මං දැනන් හිටියා සීන් අමුතුයි කියලා..ඒත් මේ තරමට එයා අමුතු ඇති කියලා කීයටවත් හිතුවෙ නෑ..හස්බන් කෙනෙක් ඉදලත් මාත් එක්ක හැසිරෙන්නේ වැරදි විදිහට ..ඒක සීන්ගේ විදිහද නැත්නම් වෙන දෙයක්ද කියලා හිතාගන්න බැරි උනත් මං ඒකට ටිකක්වත් කැමතිඋනේ නෑ..ඒ මදිවට කියන කතා..මොකක්ද ඒ කිව්ව විකාර කතාව ..ඔය වටින් ගොඩින් කියන්නෙ මේ ගෙදර හොලමන් වගේ මොනාහරි තියෙනවා කියලාද..හුහ්..කොහොමද එහෙම වෙන්නේ..මටත් දැන් විකාර වගේ..ඊයේ රෑ උනු දේවල් වෙන කවුරු හරි කලා කියලද ඔය කියන්නේ..ඒත් මොකටද එහෙම කරන්නේ..මගෙ ඔලුව දැන් හොදටම පැටලිලා..නෑ මාව ලෙහාගන්න බැරි තරමට පටලවලා..

...ත..ඩ්..

මං එකපාරටම ගැස්සිලා උඩ බැලුවා..ඒක මොකක් හරි සද්දයක් ..හරියට මොකක් හරි බිම දිගේ පෙරලිලා යනවා වගේ සද්දයක් ඒක..ඒක ආවෙත් තුන් වෙනි තට්ටුවෙන් වෙද්දි මං කලේ තප්පරයක්වත් නොයිද ඉක්මනටම උඩට දුවපු එක..ඒක මං තුන්වෙනි තට්ටුවට ගිය පලවෙනි පාර උනා..පහල තට්ටුවේ වගේම උඩ තට්ටුවේත් පරන බඩු තිබ්බා වගෙම මං කවදාවත් දැකලා නැති විදිහෙ අමුතු චිත්‍ර පවා බිත්තිවල එල්ලලා තිබුනා.. ඉර එළියෙන් විතරක් එළිය වෙලා තිබ්බ උඩ තට්ටුවේ තිබුණු බඩු මුට්ටුවලින් පවා මට දැනුනේ මහ මූසලකමක්..මොනතරම් පිරිසිදු කරලා පිළිවෙළට තියන් හිටියත් මගෙ හිතට කියා ගන්න බැරි විදිහේ මූසල හැඟීමක් මෙතනින් දැනුනා..



🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Où les histoires vivent. Découvrez maintenant