🎃 Special Chp 02 🎃

699 88 55
                                    

..

..

..

කාලය....

ම්.ම්...ඇත්තටම ඒක නිකම්ම නිකම් අකුරු තුනක් උනත් හිතන්න පුලුවන් ද ඒ අකුරු තුන අස්සෙ මිනිස්සු කී දෙනෙක්ගෙ කීදාහකහේ ජීවිත තීරනය වෙනවද කියලා...නොපෙනුනත්, නොදැනුනත් ගෙවෙන හැම මොහොතකම මිනිස්සු වගේම සතුන්ගෙත් පවා ජීවිත වෙනස් වෙනවද කියලා......මොහොතෙන් මොහොත ගෙවේවී...තප්පරෙන් තප්පරේ ගෙවේවි...විනාඩියෙන් විනාඩිය ගෙවේවි...ඒ වගේම පැයෙන් පැය ගෙවේවි...කාලය එහෙමයි...නැවතීමක් නෑ....එක මොහොතකට පුලුවන් ජීවිතයකට පන දෙන්න වගේම තවත් ජීවිතයක් නැති කරලා දාන්න ...නොහිතන විදිහට මිනිස්සු අපිට මුනගස්වලා , ලන් කරගන්න හිතන්නත් කලින් ඈත් කරලා දාන්න....අපිට ඕන උනත්....මොනතරම් ඉල්ලුවත්..කාලය නතර වෙන්නෙ නෑ...තමන්ටම ඕනකම තිබ්බත් කාලයට නතර වෙන්න බෑ..අපිම නතර උනොත් මිස..අපිටම නතර වෙන්න ඕන උනොත් මිස කාලය නතර වෙන්නෙ නෑ....එයා යනවා....දාහක් දේට පන දීලා..දාහක් දේ නැතිකරලා එයා යන්න යනවා.....ඕනකම තිබ්බත් මග හැරුනු වැරදි ආයේ හරි ගස්වන්න බැරි තරමට අපිව අසරන කරලා...

  මිනිස්සු කියනවා කාලයත් හරි ලස්සනයි ලු...ඒත් ගැලපෙනම තීරන ගත්තොත්....ඒ වගේම නොහිතන මොහොතක කලු වලාවෙත් රිදී රේඛාවක් පෙනෙන්න ගනීලු....අපි ඉවසගෙන බලාගෙන හිටියොත්.....

   ඉතින් කාලය කියන්නෙම ඉවසීමක් දරා ගැනීම්ක් නෙවෙයිද....වුනු වැරදි ආයේ හරිගස්වන්න බැරි  , නතර උනොතින් අත ඇරලා දාලම යන්න යන, කවදාවත් නතර කරන්න බැරි කාලය කියන්නෙම මායාවක් නෙවේද....සමහරු ඒ මායාවෙ පැටලිලා විනාස වෙනවා...තවත් සමහරු හරිම පාර හොයාගන්නවා...කාලයට අපිව අත ඇරලා ඉස්සරහට යන්න නොදී කාලයත් එක්කම ඉස්සරහට යන්න මිනිස්සු ඉගෙන ගන්නවා...අතීතය අතාරින්න අමාරු උනත්....යන්න නොදුන්නත් ජීවත් වෙන වර්තමානේ වෙනුවෙන් ඒ අතීතය අමතක කරලා කාලය එක්කම අනාගතේට යන්න මිනිස්සුන්ට සිද්ද වෙනවා.....පෙර වැරදි වෙනුවෙන් පසු නොතැවී තවත් වැරදි ගොඩ නැගෙන්න නොදී අරමුණක් වෙනුවෙන් ජීවත් වෙන්න කාලය අපිට උගන්නනවා.....ගෙවුනු අතීතෙට වඩා  , ගෙවෙන වර්තමානේ සුන්දරයි කියලා ගෙවෙන හැම මොහොතකම කාලය අපිට මතක් කරලා දෙනවා.....

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Tahanan ng mga kuwento. Tumuklas ngayon