..
..
..
...ආ..හ්හ්...
මට කෑ ගැහුනා.....සද්දෙ පිට නොවුනා උනත් එකපාරටම ඒ අත්වලින් මගෙ පපුව සූරගෙනම තල්ලු කරලා දානකොට දැනුනු වෙදනාවටම මට කෑ ගැහුනා......වේගෙන් ගැහෙන පපුව එක්ක අවසිහියෙන් වගේ හිටිය මං නැවතෙන්නවත් හැරෙන්නවත් ඕනකමක් නැතුව ඉහළට ඇද ගත්ත හුස්මෙන්ම දුවගෙන යන්න පටන් ගත්තා......ඒ වේගෙටම මහ සද්දෙන් මගෙ ඔලුව කාමරේ දොරේ වැදුනත් වේදනාව ගනන් නොගෙන මං කාමරෙන් එලියට පැන්නා....කෑලි කපන්න පුලුවන් තරම් අදුරක් තිබ්බෙ කාමරේ ඇතුලේ විතරයි ...එතනිම් එලියෙ විලා එක පුරා ඉටිපන්දම් පත්තු කරලා තිබුනා....එල්ලලා තිබුනු පරන තාලේ ලොකු වීදුරු පහනෙත් ඉටිපන්දම් පත්තු වෙලා තරමක එලියක් විලා එක පුරාම ඉතුරු කරලා තිබ්බා....සිද්ද උනු දේවල් අදහා ගන්න බැරිව වෙව්ලන ගමන් හිටිය මං සෝෆා එකක ඇන්දකට අතක් තියන් උගුර අල්ලන් සීන්ගෙ නම කියලා කෑ ගැහුවා...වෙන්නෙ මොකක් උනත් එයා කොහෙන් හරි මේකට ගෑවිලා ඇති කියන එක හිත කෑ ගහලා කියන්න ගන්නකොට මං වේගෙන් හුස්ම ඇල්ලුවා...තාමත් මගෙ පපුව වේගෙන් ගැහෙනවා..මට දැනෙන්නෙ මගෙ සිහිය විකල් වෙලා ගියා වගේ ...මට මං ගැනවත් හිතාගන්න බැරි තරමට මුලු ඔලුවම අවුල් වෙලා.....
ඇග මොනතරම් වෙව්ලන්න ගත්තත් , පිටට ඇහෙන තරමට හදවත වේගෙන් ගැහෙන්න ගත්තත් මට තව තප්පරයක්වාත් මේ ගෙදර ඉන්න ඕන උනේ නෑ...මට පැනලා යන්න ඕන උනා...උත්තර නැති ප්රශ්න ගොඩකින් හෙම්බත් වෙලා ඉන්නකෝට ආයෙ නොඑන්නම උනත් මට යන්න ඕන උනා.....මං කවදාවත් අමනුශ්යය බලවේග ගැන විස්වාස කරපු කෙනෙක් නෙවේ...මන් හැම මොහොතකම දැක්කෙ එ දේවල් විකාරයක් විදිහට .
තවත් සල්ලි හොයන්න මිනිස්සු හොයාගත්ත උපායක් විදිහට....ඒත් මට වැරදුනා....විද්යාවත් එක්කම ගනුදෙනු කරපු මට විශ්වයේ වෙනත් මාන තියෙනවා කියන එක පිලිගන්න පුලුවන් උනත් අපේ ලෝකෙම අමනුස්ස මාන තියෙනවා කියන එක පිලිගන්න බැරි උනා...දෙවියන් ඉන්නවා නම් යක්ශයත් ඉන්නව කියන එක මට අමතක උනා.....හරි හමන් මිනිස් පුලුටක් නැති පළාතක විලා එකක් අස්සෙ තනි වෙලා අත්දැකීමක් විදිනකම්ම.ඒක තේරුම් ගන්න මට බැරි උනා....ඒත් මගෙ මැනික විස්වාස කලා..නොපෙනෙන ලෝකයක් ගැන එයා ඕනාවටත් වඩා විස්වාස කලා.....මං.එතනදිත් හිනා උනා මිසක ඇත්ත නැත්ත හොයන්න ගියේ නෑ...ඒත් අද...අත්දැකීම්වලින්ම.ඒ කතාව ඇත්තක් කියලා විස්වාස කරන්න වෙන තරමට මාව අසරණ වෙලා...උදවු කරන්නවත් කෙනෙක් නැතුව ගැලවෙන්නවත් ක්රමයක් නැතුව මං අන්තෙටම අසරණ උනා......හුස්ම ගන්න තියෙන එකම හේතුව උනු මගෙ මැනිකවත් චූටික්කිවත් නැතුව මොන මොහොතෙ හුස්ම හිර වෙයිද කියලා හිතාගන්න බැරිව මං හිර වෙලා....
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..