..
..
..
..ධ්හාන්...
බිත්තියට හේත්තු කරලා තිබ්බ රාක්කයක් එහෙම්මම පෙරලිලා යනකොට මං පිස්සෙක් වගේ දූවිලි අවුස්සන ගමන් ෆෝන් එක හෙව්වා..පොලොව උරා තිබ්බ දූවිලි ඇවිස්සිලා ගිහින් මටම හුස්ම ගන්න බැරි වෙනකොට කහින ගමන්ම මං බිම බඩ ගෑවා..තවත් සද්දෙන් පුටු වගයක් පෙරලිලා ගිහින් කාමරේ පුරා රෝල් වෙද්දි අත් දෙක හමයන තරමට මං.බිම අතගෑවා..මං සම්පූර්ණයෙන්ම දාඩියෙන් නෑවිලා..ඊටත් වඩා මෙතනින් යාගන්න බැරි වෙයි කියන සිතුවිල්ලත් එක්ක මං අසරන වෙලා..මගෙ ඇස්වලිම් කදුලු වැටුනා...මං කොහෙත්ම දුර්වලයෙක් නොවුනත් ඒ වෙලාවේ දැනුනු බය තනිකම අත්බූතකම මේ හැම හැගීමක්ම එකතු වෙලා මගෙ ඇස්වලින් කදුලු බින්දු පල්ලම් බැස්සා...ඉක්මනටම ෆෝන් එක හම්බවෙන්න කියලා දෙවියන් යදින ගමන් තව ටික මොහොතකින් පෙරලෙනවා කියල දැන දැනම මං අන්දකාරේ මේසයක් යටට බඩ ගෑවා...දෙවියන්ට මගෙ ඉල්ලීම ඇහිලද කොහෙද දූවිලි නෑවිලා හම ගිහින් තිබ්බ අතට ෆෝන් එකේ වීදුරුවේ ලිස්සන ගතිය දැනෙනකොට මට සැනසුම් හුස්මක් පිට උනා..ඒ තප්පරෙන්ම මං ෆෝන් එක ඇදලා ගන්න හැදුවත් හොල්ලගන්නවත් බැරි තරමට අත පොලොවට තද කරන ගමන් මේසේ යටින් ආව අතකට මගෙ අත හිර උනා..
..ආආආආආඅහ්හ්හ්හ්හ්හ්හ් ....
කලු පාට දිග නියපොතු තියෙන අතකට මාව හිර වෙනවත් එක්කම මං කෑ ගහණ ගමන් අත ඇදලා ගත්තා..වාසනාවකට වගේ අත ඇදිලා එනවත් එක්කම මං පස්සෙන් රූට්ටන ගමන් පිටිපස්සට බඩ ගෑවා..කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ..මේක වෙන්න බෑ..මේ කාමරේ කවුරුම හරි ඉන්නවා..ඔව්..කවුරු උනත් මනුස්සයෙක් නොවෙන කෙනෙක් අනිවාර්යයෙන් මේ කාමරේ ඇතුලේ ඉන්නවා...
උගුර කට පවා වේලිලා ගිහින් ඇදන් හිටිය ඇදුම දාඩිය නිසාම ඇගට ඇලෙනකොට යන්න බැරි බව දැන දැන මන් පිටිපස්සට බඩ ගාලා ගියා..මේ කාමරේට ආව වෙලාවේ ඉදම් සිද්ද උනු දේවල් එක්ක මගෙ ඔලුව සම්පූර්ණයෙන්ම විකාර වෙලා ගිහින් තියෙද්දි ෆෝන් එක පවා අතෑරලා මං ඔලුව බදාගත්තා..මට යන්න ඕන..මේ කාමරෙන් අයින් වෙලා මගෙ මැනික ගාවට මට යන්න ඕන..මං නැගිට්ටා..බිත්තියට පිට දීලා පන නැතිව ගිය ඇග උස්සගෙන මං නැගිට්ටා..මට ඕන උනේ දුවන්න..සිහි විකලෙන් හරි මේ හැමදේකින්ම ඈත් වෙලා මගෙ මැනික ගාවට දුවන්න මට ඕන උනා..ඒත්...වහපු ඇස් පිය අරින පමාවට ඇස් ඉස්සරහා තිබුනු රූපෙත් එක්ක මං එහෙම්මම ගල් උනා...ජනේලෙන් ගලන් ආවා යාන්තන් එළියෙන් ඒ කලු පාට රූපේ කැපිලා පෙනෙද්දි හුස්මක් ගන්නවත් සිහියක් නැතුව මං ඒ රූපේ දිහා බලන් හිටියා..
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..