..
..
...
One day of 2019
.
.
.
බටහිර අහසේ වලා අතර සැගවෙමින් තිබූ හිරුගේ රන් පැහැති ආලෝකය වැටී තරමක් විශාල නිවසේ ප්‍රධාන දොරටුව අසලට වී සිටි තරුණයාගේ වම් කන රත් පැහැයට හැරී තිබුනි.හිරු රශ්මිය නිසා යම් තරමකට උණුසුම් වී තිබූ කන් පෙත්ත ඇගිලි තුඩුවලින් පිරිමදිමින් ඔහු නිවසේ සීනුව නාද කළේය.. යම් දෙයක් පිළිබඳව සිතට කැළඹීමක් දැනුණු විට කන් පෙත්ත ඇගිලි තුඩුවලින් පිරි මැදීම තරුණයාගේ කුඩා කල සිට තිබූ එක් පුරුද්දකි..පිළිවෙළකට ඇද පැළඳ සිටි ඔහුගේ මුහුනෙන් පවා දිස් වූයේ වැදගත් හා චාම් පෙනුමකි..වාහන තදබදයට හසු වීම හා අධික සුළං හේතුවෙන් මනාව සකසා තිබූ හිස කෙස් අවුල් වී තිබූවද එයින් ඔහුට එක්තරා සුන්දරත්වයක් එකතු වී තිබුණි..
නාද කල සීනුවට පිළිතුරු ලෙස නිවස තුලින් අඩි හඬක් ඇසෙන විට ඔහු යලිත් වරක් කන් පෙත්ත පිරිමැද නාසයෙන් සුසුමක් ඇද එය මුවින් පිට කළේය..අඩි හඬ නතර වී ගොස් අගුල කැරකෙන හඬ ඇසී දොර විවර වත්ම තරුණයා තමාගේ හොදම සිනහවෙන් අනෙක් පස සිටි තැනැත්තාට සංග්‍රහා කලේය..නමුදු එහා පස සිටියේ සිනා සීමට හෝ නොහැකි අයුරින් ගිලුනු දෑස් සහිතව අසරණ බැල්මක් මුවගේ රදවා සිටි වියපත් මහල්ලෙකි..වියපත් බවට වඩා මානසික අසහනය හේතුවෙන් මහල්ලාගේ තට්ටය පෑදෙමින් තිබුණි..ඔහුගේ රෝගී පෙනුමක් ඇති මුහුණ මෙන්ම සිරුරද අප්‍රානිකව ගොස් තිබූයේ විඳිමින් සිටි ප්‍රශ්නවල නිමක් නොමැති බව පැවසීමට මෙනි..ඔහු යාන්තමින් මෙන් රැලි වැටුනු මුහුණේ පේශීන් සොලවා සිනා සුනද එයා සිනහවක් යැයි කිව නොහැකි තරමට අසරණ හසරැල්ලක් පමණක් විය..
"හලෝ අන්කල්' තරුණයා සිනා සී කීවේය..
"එන්න පුතා ඇතුලට.." මහල්ලා දුර්වල හඬකින් පවසා ආගන්තුකයාට නිවස තුළට පිවිසීමට ඉඩ සලසා දුන්නේය.."මං ලිලීට කියලා එන්නම් පුතා ආව කියලා.."
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..