🎃 විසි හත්වන හෝරාව 🎃

254 76 12
                                    

..

..

..




මගෙ කාමරේ....

නෑ අපි දෙන්නගෙ කාමරේ....


මං ඇස් පිහලා බැලුවා...ඔලුව දෙපැත්තට හොල්ලල බැලුවා....ඒත් ඒක එහෙම නෑ...මං රැවටිලා නෙවේ....මේඩ්ගේ කාමරේ හිටිය මං ඇස් පියන් අරින තප්පරේට මගෙ කාමරේට ඇවිත් හිටියා...දන්නෑ කොහොම උනාද කියලා කියන්න...හිතාගන්න බෑ මේක ඇත්තක්ද මායවක්ද කියන්න.. හැමදේම ලෙහෙනවා වෙනුවට තවත් පැටලෙවෙන එකයි වෙන්නේ....

බයටම නලලට දාලා තිබ්බ දාඩිය බුන්දු එකින් එක මූන දිගේ ගලන් යන්න පටන් අරන් තියෙද්දි මං අත් දෙක මිටි මොලොවන් ඇස් කරකවලා බැලුවා..සීන් ලියාන් ..ඒ දෙන්නා පේන්නවත් නෑ ..මං විතරක් මේ කාමරයක් අස්සෙ හිර වෙලා ඒ දෙන්නට මොනවද වෙන්න ඇත්තෙ කියලා හිතාගන්න බෑ... මේ තියෙන කළුවර..දැනෙන මූසල නිහඩකම...තප්පරෙන් තප්පරේට මාව හිත ඇතුලෙන්ම බය කරන්න පටන් අරන් තිබ්බා....ජීවත් වෙනවද මැරුනද කියලා නොදන්න කාගෙදෝ ආත්මයක් එක්ක විශාල විලා එකක් ඇතුලේ අන්දකාරෙම මං තනිවෙලා කියන එක හිත කෑ ගහලා කියද්දි පපුව ඕනාවටත් වඩ වේගෙන් ගැහෙන්න ගත්තා.. තාමත් දැනෙන්නෙ මං ඉන්නෙ හීනයක් ඇතිලෙ වගේ....ඇහෙරෙන්න ඕනකම තිබ්බත් මට ඇහැරෙන්න බෑ....ඒක මහ බය හිතෙන හීනයක්...ඉක්මනටම එලිවෙන්න ඕන කියලා මං ප්‍රාර්තනා කරන නරක හීනයක්.......




මං අඩියක් ඉස්සරහට තිබ්බා.... බය වෙලා හැංගෙන්න ගත්තොත් මට මැරෙන්නයි වෙන්නෙ කියන එක මතක් කරන් මං කකුල්වලට බනින ගමන් කාමරේ මැද්දට අඩිය තියලා යන්න ගත්තා....මට ඕන එලියට යන්න....ආයෙම මේඩ් රූම් එක හොයන් හරි එලියට දුවන්න....මං පොඩ්ඩක්වත් ආස නෑ මේ තරම් හිත කීරි ගැහෙන නිහඩකමක් එක්ක කාමරයක් ඇතුලෙ හිර වෙලා ඉන්න....යාන්ත්මට විතරක් කාමරේ දකින්න පුලුවන් ආලෝකයක් එක්ක ඇතුලෙ තිබ්බ බිත්තිවලට බය හිතෙන විදිහෙ හෙවනැලි වැටිලා තිබුනේ තව තවත් මගෙ හිත කලබන ගමන් ..මේ වෙලාවෙ තියෙන්න ඕනෙ නැති තරමෙ නිහඩකමක් කාමරය පුරා පැතිරිලා ගිහින් තිබුනෙ මොන මොහොතෙ මොන දෙයක් වෙයිද කියලා නොදැන හිත වේගෙන් ගැහෙන ගමන්....අත්මිටි මොලවන් ඇගටම තද කරගත්ත මං හොද හුස්මක් ඇදන් මටවත් නොදැනෙන ගානට කාපට් එක උඩින් අඩි තියන ගමන් යන්න පටන් ගත්තා ...මං දන්නවා මන් කරන්නෙ මහ මෝඩකමක්..මේ විලා එක ඇතූලේ හිතාගන්නවත් බැරි දේවල් කරපු ඒ කෙනා නොදැන ඉන්න විදිහක් නෑ මං ඉන්නෙ මෙතන කියන එක...අනිවාර්යයෙන්ම එයා තමා මාව මෙතනට ගෙනාවෙ...දැනටමත් මං දිහා එයා බලන් ඇති....ඒත් දෙයියනේ මට ඕන උනා හිත් සනසගන්න....මරු කටට අහු වෙලා හිටියා උනත් එය තාම මාව දැක්කෙ නෑ කියලා හිතන් මෙහෙන් දුවලා යන්න මට ඕන උනා...කොයි මොහොතෙ එයිද කියලා නොදැන බයෙන් ගැහෙනවට වඩා බොරුවකට හරි රැවටිලා දුවන්න පණක් ගන්න මට මේ වෙලාවෙ ඕන උනා....






🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now