🎃 විසිතුන්වන හෝරාව 🎃

262 75 10
                                    


..


..





..


Author's P.O.V°°°°°°°°°°°°°°°








..දැන්වත් ජාන් කෝ කියන්න ශීයේ...


පැයකට ලන් උනු කාලයක් සීන් යීබෝගේ පපුව බදාගෙන ඉකි ගහද්දි තවත් ඉවසන් ඉන්න බැරිම තැනම එයා ඇහුවා..... ඒත් සීන් ඔලුව ඉස්සුවෙ නෑ..ඒ වගේම අත ඇරියෙත් නෑ...යන්න දුන්නොත් ආයෙ අල්ලගන්න බැරි වෙයි කියන්න වගේ එයා කලේ දිගටම යිබෝව තද කරන් හිටිය එක....ඒත් ඕන නම් තවත් තප්පර ගානක් ගත වෙන්න ඇති...නැවතීමක් නැතුව දිගින් දිගටම යීබෝ ඇහුවේ ජාන් ගැන වෙද්දි කදුලු පිරුනු ඇස්වලින්ම සීන් අයින් උනා.ඒක උනේ ගොඩක් ඉක්මනට ...යීබෝට හිතන්නවත් වෙලාවක් නොතියා නැගිට්ට සීන් එහෙම්මම කාමරෙන් එලියට ගියා.....උන දේට ප්‍රතිචාර දක්වන්න තරම් සිහියක් ලැබුණු ගමන් යීබෝ වැටිලා හිටිය තැනින් නැගිටලා කාමරෙන් එලියට දිව්වා... ඒත් එයා පරක්කු වැඩී.....ඒ වෙද්දිත් සීන්ගේ චායාව නැති වෙලා ගිහින්.....එයා දුවලා ගිය උනත් ඒ තරම් ඉක්මනට අතුරුදහන් වෙන්න විදිහක් නෑ...අනිවාර්යයෙන්ම යීබෝට එයා ගියපු පැත්ත පේන්න ඕන..ඒත් එහෙම දෙයක් වෙලා නෑ....හුලගක් ආවා වගේ සීන් අතුරුදහන් වෙලා ගිහිහ්....


..මෙහෙම වෙන්නෙ කොහොමද...


සිද්ද වෙන දේවල් එක්ක යිබෝගේ ඇස් කලබලෙන් දෙපැත්තට යන්න ගත්තේ කාමරේ ඇතුලේ සිද්ද උනු ඇහුනු ඒ කතා බහ කන් ඇතුලේ දෝංකාර දෙන්න ගන්නකොට...එයා දන්නවා දැනටමත් වෙලා තියෙන දේ...ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ......අවුරුදු තුනකට කලින් සදහටම මේ ලෝකෙන් අයින් කරලා දාපු කෙනා එකපාරටම මෙහෙම ඉස්සරහට එනකොට ශියේ ඇත්තටම මැරුනද නැද්ද කියන දේ යීබෝට අදහා ගන්න බැරි උනා....


ශීයේ.....ඒ නම....අදටත් යීබෝ වගේම ජාන් අහන්න අකමැති නම....අහන්න ඕනත් නැති නම......ඒ වගේම අසරණ වෙලා වෙන කරන්න දෙයක් නැති තැන මේ ලෝකෙන් අයින් කරලා දැම්ම නම.....එයාට ආපහු එන්න නෑ....ඒ ආවත් මේ විදිහට හැමදේම සාමකාමීව තියෙන්න බෑ...මොනාම හරි ලොකු දෙයක් වෙන්න ඕන....


🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now