🎃 හයවන හෝරාව🎃

472 97 14
                                    

...

...

...

Dark night of 2019

.

.

.

නිවසේ පමණක් නොව නිවසින් පිටතද දිව යමින් අතුරුදහන් වූ තම මිතුරාව සෙවූ වෙන් යූ අවසානයේ විඩාවට පත්ව දෑතින් තම හිස කෙස් අදිමින් බිම හිද ගත්තේය..දහදියෙන් නැහැවී දෙපා අඩපනව ගොස් සිටි ඔහු නිවසේ ඉදිරිපස පඩිය මතින් වාඩි වී හතිලන්නට වූයේය..xieye ගේ දෙමව්පියන් තම පුතුව යූ හට බාර දෙනු ලැබුයේ දැඩි විශ්වාසයකිනි..ඇසි පිය ගසන සැනකින් ඒ විශ්වාසය ඔහු අතින් බිඳී තිබුනි..xiao මහතාත් මහත්මියත් තම පුතුව කාමරයක දමා අගුල් ලෑවේද මෙම හේතුව නිසා බව අමතක කිරීමට තරම් තමා මෝඩයෙකු වීම ගැන යූට තමා කෙරේම ඇති වූයේ කෝපයකි..

..මොකක්ද මං මෙ කරගත්තේ..නොදන්න රටක මං මේ කොල්ලව කොහෙන් හොයන්නද..කීයටවත් වැම්පයර්ලා හොයන්න කියලා අර මන්දිරවලට ගියා වෙන්න බෑ..එයා අතේ සල්ලි තිබ්බෙත් නෑනේ..එහෙනම් කොහෙද යන්න ඇත්තේ..වැඩි දුරක් ගියා වෙන්න බෑ.
ඉක්මන් කරනවා යූ..මතක් කරනවා කොහෙද එයා යන්න ඇත්තේ..


නොඉවසිල්ලෙන් කන් පෙත්ත පිරිමදින්නට වූ තරුණයා රැයේ සීතල පවා නොතකා පිටතට වී හිද කල්පනා කරන්නට වීය..

..පොඩ්ඩක් ඉන්න..මං හිතන්නෙ මං දන්නවා එයා ඉන්න තැන..

එකවරම යමක් සිහිපත් වීමත් සමග නිවස අගුලු ලෑ ඔහු සුලගක වේගයෙන් මිදුලට පැන ෆර් වනාන්තරය තුළට දිව යන්නට වූයේය..නොදන්නා රටක නොදන්නා වනාන්තරයක රැයේ ගමන් කිරීම භයානක කටයුත්තක් වුවද මේ මොහෙතේ ශීයේ අනතුරක වැටී සිටින අයුරු දැක ගැනීමට ඔහුට කිසිසේත් වුවමනාවක් නොවීය..අතෙහි වූ දුරකතනේ එළියෙන් දෙපාවලටත් නොදැනී ඔහු බොහෝ දුරක් වනයේම දිව ගොස තිබුනේ මිතුරාගේ ජිවිතයට හානියක වනු ඇතැයි වූ දැඩි භීතිය සමගිනි..වනය අන්දකාරයෙන් පිරී ගොස් මිහිදුම පවා දසත පැතිරී තිබියද ඒ කිසිවක් නොසලකා ඔහු හැකි තරම් වේගයෙන් දිව ගියේය..

දිවා කාලයේදි ඇවිදීම සදහා ගිය මොහොතක මිතුරාගේ අවධානය යොමු වූයේ සොයමින් සිටි මන්දිරවලට වඩා වෙනත් යමක් වෙතය..එය කුඩා බෑවුමකට පහලින් තිබූ භීතිය දනවන සුලු සොහොන් බිමක් විය..ඒ බිම වටවී තිබූවේ පල් ගඳ විහිදුවන මඩ වගුරකිනි..වගුර පැතිර යාම නිසා ඒ සොහොන් බිම අත් හැර දැමූ බිමක් බවට පත්ව තිබුනි..කිසිවෙකුත් නොපැමිණීම නිසා සොහොන් කොත් පවා වල් වැදී නටබුන් බවට පත් වෙමින් තිබුනි..

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now