Back to 2019
2019 පෙර කොටස ..
ගෙල සිරවී යාමත් සමග දෑසද නිලංකාර වී යන බැව් දැනෙන විට දෑත්වලිම් මිදීමට වෙර දැරීම අතහැර ඔහු ඉක්මනින්ම තමා මත සිටි ශීයේව අනෙක් පසට පෙරළා දැමුවේය.එසැනින්ම ඔහු මතට ආ යූ සිතීමටවත් කාලයක් නොතබා ඇගිලි දෙකක් දිගු කර ශීයේගේ නිලයකට ගැසුවේය..එසැනිම ඔහු සිහිසුන්ව යන විට යූ කහිමින් හා ගෙල පිරිමදින් ගිලිහී ගිය හුස්ම යලි ඇද ගත්තේය..පල් ගඳ වෑහෙන වගුරු බිමේ සුලගෙන් හුස්මක් ඇද ගත් ඔහු සිහිසුන්ව සිටි තරුනයාව ඔසවා තම ලයට තුරුලු කර ගත්තේය..
..සමාවෙන්න රත්තරන් ..මාත් මේ වෙලාවේ ගොඩක් අසරණයි...
********************************************
ජනේලය මතින් ගලා ආ හිරු රැස් බාදාවකින් තොරව ඍජුව විත් දෑස් මතට වැටෙන විට ශීයේ දෑසින් දෑස් ආවරනය කර ගැනීමට තැත් කළේය..ගතින් දැනෙන්නට වූ අපහසුවත් අප්‍රාණික බවත් නිසා මද වේලාවක් නොසෙල්වී සිටි ඔහු එක්වරම ගැස්සි ගියාක් සේ වැතිරී සිටි තැනින් නැගී සිටියේය...සිහියනක් සේ සිදු වූ සියල්ලක්ම දෑස් මානයේ මැවි පෙනෙන විට ඔහු කලබලයෙන් හිස හරවා බැලීය.....පෙර දින රැයේ සිදුවූ සියල්ල අපහැදිලී වුවද නැවතිමකින් තොරව වේගයෙන් හඬ නගන්න වූ හදවතත් සමග ශීයේ දෑස් කරකවා බැලුවේ එලෙස නොවේවායි ප්‍රාර්තනා කරමිනි...නමුදු ඔහු ඒ වන විටත් ප්‍රමාදය...සිදු විය යුතු සියල්ලක්ම සිදු වී හමාර වන විට ඔහුගේ මුවින් පිට වූයේ කෑ ගැසීමකි...
.යූ...දෙ..යියනේ යූ කතා කරන්න...ඒ මොකද උනේ...යූ මාව ඇහෙනවද කතා කරනවා....
ඔහු හැකිතාක් වෙර යොදා උරහිස්වලින් අල්ලා වෙන් යූව සෙලවීමට තැත් කළේය..ඔහුට උවමනා වී තිබූයේ තම මිතුරාව අවදි කරගැනීමට පමණකි...එය ඇත්තෙන්ම අවදි වීමක් පමනමද...ශීයේ කෙතරම් උත්සහ කලද යූ සිටියේ සිහිසුන්වය...ඔහුගේ ගෙල පසෙකට කඩා වැටී තිබූ අතර සුදු පැහැති කමිසයෙන් අඩක් රත් පැහැයෙන් තෙත්ව ගොස් තිබුයේ භීතිය දනවමිනි....ශියේ කැලබීමට පත් වීමට හේතුව වූයේද එයමය....සොහොන් බිම තුළට ඇවිද ගිය තමා මෙලෙස එකවරම නිවසේ යහනක් මතින් ලේ පෙරා ගත් තරුණයෙකු සමග අවදි වූයේ කෙසේ දැයි ඔහුට සිතා ගැනීමට අපහසු විය...සියල්ලටම වඩා ඔහු වික්ශිප්ත වී සිටියේ එලෙස රුධිර පැල්ලම් ඇති වූයේ තමා අතින්මද යන්නට නිසි ලෙස සිතා ගැනිමට නොහැකිවය.....ශියේ තමා පිළිබඳව ඉතා හොදින් දනී...එම නිසාම මෙලෙස් සිදු වන්නට ඇත්තේ තමාගේම වරදින් බව පිළිගැනීමට ඔහුට හේතු අනවශ්‍ය විය.....
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..