🎃 නවවන හෝරාව 🎃

378 92 13
                                    

..

..

Darkness hour of third floor in 2022

..

..

..




...බෝබෝ..ඕක නවත්තන්නකෝ අනේ ..මට දැන් කැරකිල්ල වගේ..

..මට තේරෙන්නෙ නෑ බබා..ඇයි මාව කවුරුත් විශ්වාස කරන්නෙ නැත්තේ..

..කාට නැතත් මට ඔයාව විස්වාසයිනේ බෝබෝ..ඒත් ඒ ඔයා කියන නිසාම විතරක් නෙවේ..මං මුල ඉදන්ම කිව්වා වගේ මට දැනෙනවා මේ ගෙදර අමුතු දෙයක් තියෙනවා කියලා..

ඒක ඇහෙනවත් එක්කම මං කාමරේ එහෙටයි මෙහටයි ඇවිදින එක නවත්තලා ඒ පිම්මෙන්ම මගෙ මැනික ගාවට ගියා..

..ම්..මොකක්..ඒ කියන්නේ ඔයාටත් ඒක තේරෙනවද මැනික..මේ හැමදේම බොරුවක් නෙවේ කියලා..

..ඔව්..

..මට විස්වාසයි මං දැක්කේ මායවක් නෙවේ කියලා..මට ඒක හොදටම විස්වාසයි..

..එහෙනම් ඒක නොපෙනන බලවේගයක් වෙන්න ඕන බෝබෝ..මං කියන්නේ..

..ආයෙනම් විකාර කියවන්න ගන්න එපා මැනික..හොල්මන් කියලා ජාතියක් මේ ලෝකේ නෑ..හැමදේම හෙලවෙන මනස..විද්‍යාව දැන් මොන තරම් දියුනුද..එහෙම එකේ ඔය වගේ කත පිලිගන්න පුළුවන් ද..

..විද්‍යාව කියන්නේ මිම්මක් විතරයි බෝ..ඒකෙන් හැමදේම මනින්න බෑ..තාමත් විද්‍යාවෙන් විසදගන්න බැරි දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා..

..ඒකත් ඇත්ත තමා ඒ උනාට..

..හරි මට මේක කියන්නකෝ..ඔය කියන විදිහට එතන තියෙන්නෙ අමුතු දෙයක් නම් ඇයි ඒක මං කියන විදිහෙ දෙයක් වෙන්න බැරි..මේ විලා එක කොහොමත් අමුතුයි ..ආව වෙලාවෙ ඉදම් මහ අමුතු දේවල් වෙන්නේ..

..ඒ කිව්වේ..

මං ඉක්මනටම එයාගේ අතින් අල්ලන් මූනට එබුනා..ඒක බොරුවක් වෙන්න බෑ..මගෙ මැනිකගෙ මූනේ පවා මහ අමුතු බයක් ලියවිලා තිබුනා..මේ තරම් වෙලා රෝස පාටට තිබුණු ඒ තොල් එකපාරටම සුදුමැලි පාටට හැරිලා තිබුනේ වෙලා තියෙන දේ මොකක් උනත් ඒක ඒ තරම් හොද දෙයක් නෙවේ කියලා කියන්නයි..

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now