🎃 දාහත්වන හෝරාව 🎃

284 77 9
                                    




..


..





..










..යීබෝ...

..යීබෝ මාව ඇහෙනවද....

..කතා කරනවා යීබෝ....









කාගෙදෝ කටහඩක්..මොන පැත්තෙන්ද එන්නෙ කියලා හිතාගන්න බැරි ඒත් හුරුපුරුදු කටහඩක්.....වෙලාවකට කන ගාවින් ඇහෙන කටහඩ තවත් වෙලාවකට ඔලුව ඇතුලෙ ඉදන් ඇහෙන්න ගන්නකොට ඇගෙන් දැනුනු අසාමාන්‍ය වේදනාවට නිදාගන්න ඕන උනත් මට ඒක කරන්න බැරි උනා.....ගැඹුරින් පියවෙන්න ගිය ඇස් එකපාරටම ගැස්සිලා වගේ ඇරෙනකොට ඇස්වලට වැටුනු ආලෝකෙත් එක්ක මට කෙදිරි ගෑවුනා....තප්පර ගානක් යනකම් මොනවත්ම පෙනුණේ නැති මගෙ ඇස්වලට අහු උනු ඡායා ටිකෙන් ටික පැහැදිල්ලි වෙනකොට මං තේරුම් ගත්තා මං මේ ඉන්නේ කාමරයක් ඇතුලෙ කියන එක...සුදු පාට සිවිලිමත් යාන්ත්මට හමාගෙන හිය හුලගට ඉහළට පහලට යන බර නැති කර්ටන් එකත් මගෙ අවදානේ අරගන්නකොට හේතුවක් නැතුව මට මහ හිස්කමක් දැනෙන්න ගත්තා...හිත ඇතුල කිසිම හැගීමක් නැතුව මං මලානික ඇස්වලින් දිගටම ජනෙල් තිරය දිහා බලන් හිටියා....කන ගාවින් ඇහුනු කටහඩවල්වලටවත් මගෙ අවදානේ කඩන්න බැරි වෙනකොට කොහේට හරි ඇදිලා යනවා වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තා.....ඔලුව තියන් හිටිය කොට්ටෙ සිනිදු බවත්, වම් අතේ හිරි වැටුනු ගතියත් දැනෙන නොදැනෙන ගානට අමතක වෙලා මාව පාවෙලා යනවා කියන හැඟීමෙන් මාව පිරිලා යන්න පටන් ගත්තා...ආයෙමත් වතාවක් මත් උනා හා සමානව මගෙ ඇස් පියවිලා යන්න පටන් ගන්නකොට හිතුවෙවත් නැති විදිහට ඇස් ඉස්සරහට ආව රූපයක් එක්ක මාව හරි සිහියට ආවා වගේ දැනුනා.....

..ඔයා...හ්...

..ඔව් මං තමයි..වෙන කවුද..දැන් කොහොමද ඔය මහත්තයට පිහියෙන් කැටයම් දාලා මහන්සිද...

..ආ.හ්හ්..


මගෙ ඇස් ලොකු උනා...ගිනි රතු උනු ඇස්වලින් මගෙ දිහා බලාගෙන සීන් මූනට එබිලා කියද්දි ඒ කියන දේ හිතාගන්න බැරිව මං ඇස් ලොකු කලා....ඒ ඇස්වල තිබ්බ භයානක බැල්ම නිසාමද කොහෙදෝ හිරි වැටිලා තිබුනු ඇග දිගේ කරන්ට් එකක් ගියා වගේ දැනෙනවත් එක්කම කොහෙදෝ නැති වේදනාවක් එක්ක මට කෙදිරි ගෑවුනා...ඒක ආවෙ මගෙ වම් අතෙන්....හරියටම මගෙ වම් අතේ බල නහරය ළඟින් මට ඒ වේදනාව දැනෙන්න ගත්තා..ඒක නිකම් ගැඹුරට අත කැපිලා වගේ...මං ඔලුව ඉස්සුවා...ඇගම පන නැති වෙලා තිබුණත් මං අමාරුවෙන් උනත් ඔලුව ඉස්සුවා....එතකොටයි මං දැක්කෙ මැණික් කටුව ළඟ ඉදන් වැලමිට ලගට එනකම්ම බැන්ඩේජ් කරලා තිබ්බ මගෙ අත....හිතාගන්න බෑ මොනා උනාට කියලා....මට අත හොලවගන්නත් බෑ...ඇගේම හයිය නැති වෙලා ගිහින් වගේ දැනෙන්නේ...




🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now