🎃 තිස් එක්වන හෝරාව 🎃

278 74 13
                                    

..

..

..

Sean ' s P.O.V. °°°°°

..

..



මං හිතන්නෙ මං ඉක්මන් උනා...මේ තරම් කාලයක් හිත අස්සෙ තියාගෙන ඉදලත් මට තව දුරටත් යීබෝගෙන් ඇත්ත හංගන්න බැරි උනා..මං හිටියෙත් එයාට බොරු කියන්න පුලුවන් තත්වෙක නෙවේ...එයාම එයාව රවට්ටගෙනම පිස්සෙක් ගානට කෑ ගහන්න අඩන්න පටන් ගද්දි මං කොහොමද බලන් ඉන්නේ....මේ හැමදේම කලේ එය වෙනුවෙන් වෙනකොට මං කොහොමද තවත් එයාට රැවටෙන්න දුක් විදින්න ඉඩ දෙන්නෙ....


..න්..නෑ....ඒක බොරු.. බ්..බොරු.....


යීබෝ කෑ ගැහුවා... මගෙ අත් අස්සට හිර වෙලාම එයා කිව්ව දේ අදහා ගන්න බැරිව කෑ ගැහුවා..නෑ එයා දැගලුවා....මාව තල්ලු කරලා දාලා ආයෙම විලා එක ඇතුලට දුවන්න බලන් එයා දැගලුවා...මට මොනවත් නොපෙනුනත් එයා හිතේ මොනවදෝ මවාගෙන කෑ ගහන්න ගද්දි අකමැත්තෙන් උනත් මට කතා කරන්න උනා...තවත් මේවා හංගලා වැඩක් නෑ....හංගන්න හදන තරමට එයාවයි වැටෙන්නේ....


..යී..බෝ යීබෝ...මං කියන එක අහනවා...මං දිහා බලනවා යීබෝ...

..නෑ..නෑ මට බෑ...ඔ..ඔය කියන්නෙ බොරු..මගෙ මැනි..ක මැරුනේ නෑ...එයා ඉන්..නවා..මං ළඟ එයා ඉන්නවා..හ්...ම...ගෙ...

..එහෙනම් කෝ කියනවා යීබෝ...කොහෙද තමුසෙගෙ ජාන් ආ..හ්.කෝ එයා..මට පෙන්නනවා කොහෙද ඉන්නෙ කියලා... තමුසෙ මේ විලා එක ඇතූලට අඩිය තිබ්බෙත් තනියම මෙ මොහොත වෙනකම් ඉන්නෙත් තනියම ...ජාන්ව දැක්කා වගේ අපි රගපෑවට මතක තියාගන්නවා ජාන් කෙනෙක් තමුන් ළඟ හිටියෙ නෑ කියන එක යීබෝ .....

..නෑ ..නෑ...ඒ...ක...

..කොච්චර කෑ ගැහුවත් ඇත්ත ඒකයි යීබෝ...ජාන් මැරුනා...නිකන්ම නෙවේ ඒ මෝඩයා සුවිසයිඩ් කරගත්තා.....ඩිලිවර් එකට දවස් ගානක් තියලා මෝඩයෙක් ගානට ඒකා දෙවෙනි වතාවටත් සුවිසයිඩ් කරගත්තා.....


මගෙ එක වචනයක්වත් අදහා ගන්න බැරි තැන එයාගේ ලොකු උනු ඇස්වලින් නැවතුමක් නැතුව එක දිගට කදුලු වැල් පල්ලම් බැස්සා..ඒ කදුලු මගෙ පපුව හූරලා දාන තරම් වේදනාවක් ගෙනාවත් මන් ඒ මූන දෙපැත්තෙන් අත් තද කරන් මගෙ දිහාට ඇදලා ගත්ත....


🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now