..
..
..
මට දැනුනා....අසිහියෙන් වගේ කරපු මෝඩකම නිසා මං පැන ගන්න ඔන්න මෙන්න තිබිලත් මේ ගේ ඇතුලේ හිර උනා කියලා කියන්න....නෑ මාව බලෙන් හිර කරගත්තා කියලා කියන්න....කෑලි කපන්න පුලුවන් අන්දකාරෙ ඇතුලේ නාහෙට දැනෙන්න ගත්ත අමනුස්ස ගදත් එක්ක හිටන් ඉන්නවත් බැරි තරමට මගෙ කකුල් පන නැති වෙලා ගිහින් තිබුනා...ඔලුව පිටිපස්සෙන් ගලාගෙන ගියපු ලේ තවමත් නැවතීමක් නැතුව මගෙ පිට දිගේ ගලාගෙන ගිහින් බිමට වැටෙනකොට තවත් එක මොහොතක් නොයිද මට මෙතනින් පැනලා දුවන්න ඕන උනා..කොහේට හරි...ඔව් කොහේට හරි දුවලා ගිහින් හැංගෙන්න ඕන කියන එක ඕනාවටත් වඩා මට දැනෙන්න ගත්තා... ඇගෙන් පිටවෙලා තිබුනු ලේ තොගය නිසාම ඇස් පවා නිලන්කාර වෙලා යන හැටි මට දැනෙන්න ගත්තත් මට එක තප්පරයක් මෙතන ඉන්න ඕන උනේ නෑ...එකම එක මොහොතක්වත් ඕන උනේ නෑ...ජනේලයක්වත් නැතුව සීතල හුලගක් ඇග පුරා දැවටෙන්න අරන් තියෙනකොට වෙන්න යන්නෙ හොද දෙයක් නෙවේ කියන්න මගෙ ඔලුව ඇතුලෙන් කෙනෙක් කෑ ගහලා කිව්වා....අහම්බෙන් උනත් මං නැවතිලා හිටියෙ කිචන් එක ළඟ වෙනකොට කන් පවා කීන් ගාන තරමට තිබුනු නිහඩකම ලෑස්ති වෙන්නෙ කුනාටුවකටයි කියන එක මගෙ හිතට පවා දැනුනා.... අදුරට හුරු උනු මගෙ ඇස්වලට කුස්සිය පුරා සැරි සරපු අසම්පූර්න චායාවන් අහු වෙනකොට ඇද ගත්ත හුස්ම පහලට දාන්නවත් ඉඩක් නොදී මං ආපහු හැරිලා දිව්වා...
ඒඒඒත්ත්ත්....
..තඩ්ඩ්...
..ටහ්ඩා...හ්...
..තඩ් තඩ්..තඩා..ඩ්...
..සලා...න්න්....
..ආහ්හ්....හ්හ්...
මට කෑ ගැහුනා..එකපාරටම මුලු විලා එකේම නිහඬතාව නැති කරලා දාන ගමන් කිචන් එකේ තිබුනු පිඟන් , හැදි, භාජන හැමදේම මහ සද්දෙන් බිමට වැටුණා....ඒ දෝංකාරෙම විතරක් අමාරුවෙන් හයිය කරන් හිටිය හිත වට්ටන්න හොදටම ඇති වෙනකොට මං අත් දෙකෙන් කන් දෙක වහන් කෑ ගැහුවා.......මගෙ කටහඩ යටපත් වෙලා තරමට එක පිට එක පිඟන් බිදිලා වැටෙද්දි මේ තරම් වෙලා නිවිලා තිබුනු කහ පාට බල්බ් එක පවා ආයෙමත් නීවි නිවී පත්තු වෙන්න පටන් ගත්තා...ඒ ලයිට් එක දෙපැත්තට වැනෙනවත් එක්කම විලා එකේ බිත්තිවල ඇදිලා මැකිලා ගිය හෙවනැලි මගෙ හිත තව තවත් කලබවනකොට ඇස් දෙක පියන් හරි මෙතනින් එලියට දුවලා යන්න හිතන් මං නැගිට්ටා...
ESTÁS LEYENDO
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Terror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..