..
..
..
..පෙර කොටස..°°°°°°
. මං හිතන්නේ මං හිටියේ අවසිහියෙන්..ඇස් කරකවලා බලනකොට තව දුරටත් එයා මං ගාව හිටියේ නෑ...කොහෙද ගියේ මොකක්ද උනේ කියලා මට හිතන්න ඕන උනේ නෑ..ඇගට එකපාරටම ආව හයියත් එක්ක මං බිත්තිය අල්ලගෙනම කාමරෙන් එලියට ආවා..මගෙ ඇගට පන නෑ..මාව වෙව්ලනවා..කොටින්ම මට පේන්නෙත් බොද වෙලා..ඒත් මං එලියට දුවන් ආවා..මගෙ මැනික වෙනුවෙන් මගෙ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන නිසා මං එලියට ආවා...ඇද වැටෙන ගමන් අමාරුවෙන් උනත් දිව්ව මං අන්තිමට කලුවරේම පඩිපෙලේ වැටට අත තිබ්බා..මෙතනම හුස්ම යයිද කියලා හිතාගන්න බැරි තරමට මට හති වෙනකොට මං අමාරුවෙන් පඩිපෙළ බහින්න ගියා වගේම ඩෝ..ං ගාලා ඇහුනු සද්දෙත් එක්ක මං ගැස්සිලා බැලුවා...ඒ බ්ලිඩියඩ් කාමරේ ..ඒකේ දොර නිකන්ම වැහිලා..තවත් ඉන්න ඕන කමක්නැති වෙනකොට මං පඩි පහින්න අඩිය තිබ්බා..ලෙස්සන ගමන් පඩි ගානක් බැහැලා ගියා උනත් ඇගට පන නැති නිසා එකපාරටම මාව පඩිපෙලෙන් ලිස්සලා යනකොට මට කෑ ගැහුනා...
..ආආආආආඅහ්හ්හ්හ්හ්හ්හ් ...
පඩි ගානක් රෝල් වෙලා ගියපු මං ලේ ගලන ඔලුවක් එක්ක පහල තට්ටුවෙන් නතර වෙනකොට මං නැවතෙන්න ගිය හුස්ම අල්ලන් ඇස් කරකවලා බැලුවා..ඒ එක්කම පඩිපෙළ මුදුනේ තිබුනු කලු පාට චායාවක් අතුරුදහන් වෙලා යනකොට මගෙ ඇස් පිය උනා...
..ස්..සී..න්.....
***************************
..
..
..
..ම්. ආ..හ්..
..ආ...හ්...
ඒක හීනයක් වගේ..උනු දේවල් දැකපු දේවල්..මේ හැමදෙයක්ම මට අදහා ගන්න බැරි හීනයක්..මං පාර්තනා කලා ඒ උන හැමදේම හීනයක්ම වෙන්න කියලා.. ඒත් මං හිතන්නේ මම ඒකට පරක්කු වැඩියි...ඇගම වෙව්ලලා ගියා වගේ දැනෙන්න ගත්ත හැගීම පරයලා දාලා දරන්න අමාරු හිසේ කැක්කුම අන්තිම අගලට මාව අසරන කරනකොට මේක හීනයක් නෙවේ කියන එක මට තේරෙන්න ගත්තා...තාමත් මගෙ ඇස් බොද වෙලා...කීන් ගාන කන් දෙක අස්සෙන් ඔලුව පුපුරලා යන තරමේ වේදනාවක් එක්ක ඇගම හිරි වැටිලා කියලා මට දැනුනා....සම්පූර්ණ ඔලුවම බර වෙලා එක පැත්තකින් තද දෙයක් ඔතලා කියලා දැනෙද්දි මං නැගිටින්න හැදුවා...ඒත් මට බෑ....මගෙ ඇගේ ඇගිල්ලක්වත් මට හොල්ලන්න බෑ...මට දැනෙන්නෙ මං කොහේ හරි ලෝකෙක හිර වෙලා වගේ....ඒ හැගීම දරන්න අමාරුයි ..හැමදේම කැරකෙනවා...පහලට දාන හුස්මත් එක්ක ඉහලට අදින හුස්ම පොද මග හිර වෙනවා කියලා දැනෙද්දි මටත් නොදැනී මගෙ කට ඇරුනා....කදුලුවලට බර වෙලා තිබුනු ඇස් පියන් නිකන්ම ඇරෙන්න ගද්දි හුස්ම ගන්න බැරිව දගලපු මගෙ උගුරෙන් පිට උනු කෙදිරියත් එක්ක මේ තරම් වෙලා හිරි වැටිලා තිබ්බ ඇගිලි ශීට් එකට තද උනා....
ESTÁS LEYENDO
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Terror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..