😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 01 )
" ඉස් දිස් මොඩ්ලර්ස්....
සුනෝ.... ඔන්ලි ඒක් ප්‍රොෆෙෂනල් මොඩ්ල් කී ජරූරත් හේ.......... "( මෙයාලටද නිරූපිකාවො කියන්නේ... අහගන්නවලා... මට ඔනෙ එක වෘත්තීමය නිරූපිකාවක් විතරයි..... )
ප්‍රකාශ් සිං කෑගැහුවේ මුලු මීටින් රූම් එකම දෙවනත් වෙන්න තරම් හයියෙන්. වසුන්දරා ඇපරල් හී නවතම ඇදුම් මෝස්තරය එලිදැක්වීම සදහා සුදුසු නිරූපිකාවන් කිහිප දෙනෙකුව විධායක නිලධාරීන් විසින් යෝජනා කල ද ඒ එක් නිරූපිකාවකටවත් ප්‍රකාශ් සිංගේ හිත දිනාගැනීමට නොහැකි වුනා. අත්දැකීම් අඩු නිරූපිකාවන්ගෙ නම් යෝජනා කිරීම ගැන ප්‍රකාශ් සිං වුන්නෙ තරහින්.
සෑම දිනකම මෙන් මීටින් රූම් එක තුළ නොසන්සුන් බවක් ඇති වුනත් සාතික් නම් වුන්නෙ මීටින් රූම් එකෙන් ගොඩක් දුර මතකයන්වල අතරමං වෙලා. ධනවත් ව්‍යාපාරික ප්‍රකාශ් සිංගේ එකම පුතු වූ සාතික් අනිරුධ් සිංට නම් තම පියාගෙ ව්‍යාපාර ගැන කිසිදු තැකීමක් තිබුනෙ නෑ. මීටින් රූම් එකෙ වීදුරු කවුලුවෙන් පෙනෙන නිල් අහස දිහා බලාගෙන ඉන්න සාතික්ට හිතුනෙම දිල්ලි අහස කොළඹ අහස තරම් ලස්සන නෑ කියලා. ඒ විදියට සාතික්ට දිල්ලිය එපා කියලා හිතුනු වාර අනන්තයි. ලංකාවෙන් එන්න ගත්ත තීරණය මොන තරම් වැරදි ද කියලා සාතික්ට හිතුනෙ සල්ලි පස්සෙන්ම දුවන ප්‍රකාශ් සිං ලග අලුත් ජීවිතෙ පටන්ගත්ත මොහොතෙදි.
" කෙයා කේ රහේ හෝ සාතික්... ? "
( ඔයා මොකද මේ ගැන කියන්නෙ සාතික්... )
ඔවුන් මෙතෙක් වෙලා කල නොසන්සුන් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ් සිං එක් නිරූපිකාවක් තොරාගත්තා. මෙතෙක් වෙලා අහස දිහා බලාගෙන කල්පනා ලොකෙක වුන්න සාතික් මීටින් රූම් එක තුළ සිදු වූ කිසිවක් දැනගෙන වුන්නෙ නෑ. සුපුරුදු පරිදි සාතික් වෙනම ලෝකෙක අතරමං වෙලා ඉන්න බව දැක්ක ප්‍රකාශ් සිං ප්‍රශ්න කලෙ සාතික්ව නැවතත් පියවි සිහියට ගෙන ඒමේ අරමුණෙන්. ප්‍රකාශ් සිං තෝරාගත් නිරූපිකාව ගැන සාතික්ගෙ අදහස් දැනගැනීමට කැමැත්තෙන් සිටි අනෙක් නිලදාරින්ද සාතික් වෙත ඔවුන්ගෙ අවදානය යොමු කලෙ එකම මොහොතක. සියලු දෙනාගෙම අවදානය ඔහු වෙත යොමුව තිබුනත් සාතික්ගෙ අවදානය නම් තිබුනෙ දිල්ලි අහස මත. දිල්ලි අහස යට සාතික්ට තිබුණු එකම සැනසීම වූ යශ්රාන් චවෞරි සාතික්ට අතින් ඇන්නෙ සාතික් ගැස්සිලා මීටින් රූම් එක තුළට ඇස් ගෙන එන විට. ඒ වන විටත් සියලු දෙනාගෙ අවදානය ඔහු වෙත යොමුව තිබෙන බව දුටු සාතික් යශ්රාන් දෙස බැලුවෙ සිදුවෙන්නෙ කුමක්ද කියා අසන බැල්මකින්.
ESTÁS LEYENDO
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...