Chapter 37

205 37 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 37 )


" මොන ලෝකෙක වුන්නත් සාතික්ව මං ඔයාට ගෙනත් දෙනවා... හැබැයි දූර් අද මෙතන සාතික් වුන්නෙ නෑ.... හැමදාම වගේ අදත් ඒක ඔ‍යාගෙ හීනයක්... ඒ වුණාට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා මෙ විෂූ ඒ හීනෙ ඉක්මනින්ම හැබෑ කරනවා තේරුනාද....
කෝ... කෝ... දැන් හිනා වෙන්න "

විෂූල්‍ හිනා වෙවි දූර්ගෙ මූණට එබෙද්දි හැම දුකක්ම අමතක කරලා හිනා වෙන්න  දූර් උපරිම උත්සහයක යෙදුනා.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

කදුළු පිසලමින්ම දූර් ගේට්ටුවෙන් ඇතුලට යන දිහා බලාගෙන වුන්න විෂූල්‍ පහළට නැමුනෙ පහන් කණුව යට විසිරිලා තිබුණ කොල කෑල්ලක් ඇහිදගන්න. එහි කිසිවෙක් නොසිටි බව කියමින්  දූර්ගෙ හිත හදන්න උත්සහ කලත් කවුරුන් හෝ එහි ඉන්න ඇති කියලා සැකයක් විෂූල්ගෙ යටි හිතෙ ඇති වෙලා තිබුණා. පහන් කණුව යට විසිරිලා තිබුණු කොල කෑලි විෂූල්ගෙ සැකය තවත් වැඩි කලා. කොල කෑලි කිහිපයක් අහුලගත්ත විෂූල්‍ බාග වචන එකතු කරමින් වචනයක් දෙකක් කියවගන්න උත්සහ කලා. දූර් ලියපු ඒ ලියුම සියවතාවකටත් වඩා කියවලා තිබුණු විෂූල්‍ට එහි අකුරක් අකුරක් පාසාම කටපාඩම්.

" සාතික්..!!!!!!
උඹ ඇත්තටම ආවද..... එතකොට දූර්.... දූර් කිවුවේ ඇත්ත.... "

සාතික් සමගින් ඉන්දියාවට ගිය ඒ ලියුමෙ කොටස් අද මෙහි විසිරී තීබිම අහම්බයක් නොවේ. එසේ නම් නිසැකවම සාතික් මෙහි පැමිණ ඇති බව විෂූල්‍ තේරුම්ගත්තා. මෙ තරම් දුර මෙ වෙලාවෙ ආව සාතික් දූර් හමු නොවීම යන්න ඇත්තෙ ඇයි කියන එකට නම් පිළිතුරක් හොයාගන්න විෂූල්‍ට පුලුවන් වුනෙ නෑ.

" දූර් කියනව වගේ..... සාතික්ට දැන් දූර්ගෙන් වැඩක් නැද්ද.... දූර් කියන්නෙ සාතික්ගෙ අතීතෙ විතරද....
මට තේරෙන්නෙ නෑ.... මේ හැම දේටම උත්තර තියෙන්නෙ සාතික් ලග.... මට ඌත් එක්ක කතා කරන්න වෙනවා... එත් කොහොමද.... මොන ලෝකෙන් ද මං මූව හොයාගන්නෙ.... "


තියුණු ඇස් වලින් වටපිට බලපු විෂූල්‍ මහාමාර්ගයට දෙසට ද දිව ගියෙ සාතික් ගැන හෝඩුවාවක් සොයාගන්න. එත් ඒ ව්‍යර්ථය නම් සාර්ථක වුනෙ නෑ.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Où les histoires vivent. Découvrez maintenant