😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 07 )
" මං සාතික්ව බලන්න එනවට එයා කැමැත්තෙන් ඉදලද...? "
දූර්ගෙ හිත ප්‍රශ්න කලෙ එහෙම. සාතික්ගෙ හිතේ එවැනි අදහසක් තිබුණා දැයි සිතන පමාවෙන්ම දූර්ගෙ කෝමල කම්මුල් රත් පැහැ වුනෙ ලැජ්ජාවට. ඒ කෝමල කම්මුල් සාතික් දකිවිදෝ බියෙන් දූර් පිටතට මුහුණ හරවාගත්තෙ සිනහව බොහෝ අපසුවෙන් මැඩගෙන.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
කොලෙජ් එකට ඇවිල්ලත් කෙල්ල වුන්නෙ වෙනම ලෝකෙක. වෙනදාට නම් පැයෙන් පැයට බඩගිනි වෙන දූර්ට එදා බඩගින්නක් දැනුනෙවත් නෑ. දූර්ගෙ හිත සතුටින් පිරිලා තිබුනෙ හේතු ගොඩක් එක්ක. සාතික් ඇයව බෝඩිමට ඇරලවන්න පැමිණීමම දූර්ට සුන්දර සිහිනයක් වගේ වුණා. එමෙන්ම වසුන්දරාගෙ අව්‍යාජ සිනහව කෝමල කතාව දූර්ව අරගෙන ගියෙ වෙනම ලොකෙකට.
" උඹට අසනීපයක්වත් ද දූර්.... "
කෑම එක දෙස බලාගෙන තනිවම හිනා වෙන දූර්ගෙන් ලෝචී ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. දූර් පියවි සිහියට ආවේ ලෝචිගෙ හඩටය.
" අහ්.... මේ.... මුකුත් නෑ.... මට අද කිසිම බඩගින්නක් නෑ අප්පා....
ලෝචී මෙකත් ඔයාම කන්න.... "දූර් කල්පනා කලෙ සිදුවුන දේවල් ලොචිට කියනවද නැද්ද කියලා.
" දූර් අනිවාර්යෙන්ම හවස ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමූ.... "
ලොචී කෑම පිගානත් එහාට කරලා බයෙන් වගේ එහෙම කියද්දි දූර් හිනා වුණා.
" එක නෙමෙ දූර්.... මට අහන්නත් බැරි වුණා නේ.... බලන්න ගිය බෝඩිමට මොකද වුනේ... තැන හොදයි ද.... "
" ගොඩක් හොදයි.... දන්නවද එහේ කවුද ඉන්නෙ කියලා.... "
" කවුද.... "
දූර් මූණත් රතු කරගෙන කියද්දි ලොචී ඇහුවෙ කුතුහලයෙන්.
" දූර්.... !!!! "
ඇයගෙ නව බෝඩිම සාතික්ගෙ නිවස බව කියන්න දූර් කට අරිනවත් එක්කම සාතික් ඔවුන් සිටි තැනට පැමිණ සිටගත්තෙ කලබලයෙන්. දූර් ඇස් උස්සලා බැලුවෙ පුදුමයෙනි.
ESTÁS LEYENDO
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...