Chapter 31

167 35 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 31 )


සාතික්ගෙ ගීතයෙ අවසානයත් සමග හතර දෙනාම එකට තුරුලු වුනෙ හරි අපුරූවට. එය රංගනයක් සේ කෙනෙකුට දකින්න පුලුවන් වුනත් ඒ හැම හැගීමක් සේම සාතික් දූර් ගායනා කල සෑම වචනයක් පාසාම තිබුනෙ අප්‍රමාණ මව්පිය දරු සෙනෙහස. ගීතය අවසාන් වෙලා විනාඩි කිහිපයක් ගත වන තුරුත් ඔවුන් එක කුටුම්භයක් වගේ තුරුලු වේගෙන කදුළු සලමින් වුන්නෙ ප්‍රේක්ෂකාගාරය අසුන්වලින් නැගිට අත්පොලසන් දෙන විට. පිටුපස වේදිකාවෙ සිට දිව ආ ලෝචී විෂූල්‍ දෙදෙනාත් ඒ කුටුම්භයට එකතු වුනෙ කාටවත් හිතාගන්න බැරි විදියට.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

නිවේදකයා වේදිකාවට පැමිණියෙ ලීසා ද සමගින්. නිවේදකයා ඔහුගෙ නිවේදන කටයුතු ආරම්භ කරනවාත් සමගම සාතික් දූර් වේදිකාව මත රැදුනෙත් අනෙක් පිරිස වේදිකාවෙන් බැස ගියෙත් එකම මොහොතක.

" හරිම සංවේදී අවස්ථාවක්.... සාතික් දූර්ෂා හොදින් නෙද... "

නිවේදකයා බොහෝ ලෙන්ගතුව ඔවුන්ට ලං වන විට දූර් පිටි අත්ලෙන් කදුළු පිසලමින්ම හිස සෙලවූයෙ ඔව් කියන්න. හුස්මක් උඩට ගනිමින් සාතික් දූර්ගෙ අතින් අල්ලගත්තෙ අඩන්න එපා කියන්න වගෙ බැල්මකින්.

" අවසන් තරගයෙ තීරණාත්මක ප්‍රතිඵලය දැනුම් දෙන්න මම ආදරයෙන් ආරාධනා කරනවා අපේ ගෞරවනීය විනිශ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකුට...."

විනිසුරු මඩුල්ල තීරණාත්මක සාකච්ඡාවක නියෙලෙමින් සිටි අතරෙ ලීසා වේදිකාව මත සිටගෙන වුවත් සාතික්ටත් දූර්ටත් රවන්නට වූයෙ නපුරු බැල්මකින්. ලීසාගෙ ඒ නපුරු බැල්ම නොදැක්කා සේ සාතික් දූර් ඔවුන්ගෙ නම් කියමින් ප්‍රීතී ඝෝෂා කරන ඔවුන්ගෙ ප්‍රේක්ෂකයින්ට සොදුරු සිනහව ත්‍යාග කලා.

" විනිසුරුවරුන් විදියට අපි වැඩිපුරම අමාරුවෙ වැටුනෙ අද... "

වේදිකාවට පැමිණි එක් විනිසුරුවරයෙකුගෙ ඒ කතාවට මොහොතකට නිහඩ වූ ප්‍රේක්ෂකාගාරය නැවතත් උද්‍යෝගිමත් වුණා. ප්‍රේක්ෂකාගාරය නැවතත් නිහඩ කරමින් විනිසුරු ඔහුගෙ කතාව ඉදිරියට අරගෙන ගියා.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora