Chapter 39

437 42 17
                                    


😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 39 )
අවසාන කොටස

" දූර්....!!!! "

සාතික් කෑගසමින්ම ඒ දෙසට දිව එන විට දූර්ව අල්ලාගෙන සිටි ඔහු පිස්ටලය දූර්ගෙ හිසට ඉලක්ක කලා. සාතික් නතර වුනෙ ඒ මොහොතෙදි. සාතික් තවත් අඩියක් හෝ ඉදිරියට තැබුවා නම් පිස්ටලයෙන් උණ්ඩයක් නිකුත් වෙන්න තිබුණා. මුහුණු ආවරණය කරගත් පිරිස පහසුවෙන්ම දූර්වත් අරගෙන වේදිකාවෙ එක් කොනකින් අතුරුදහන් වුණා.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

සාතික් විෂූල්‍ දෙදෙනා මෝටර් රථය වෙත දිව ගියෙ දූර්ව රැගෙන යන වෑන් රිය පිටුපස හඹා යන්න. සාතික් මෝටර් රථයෙ දොර විවර කරනවත් සමගම එතැනට පැමිණි අයෙක් ඔහුව නතර කලා. මෝටර් රථයටත් සාතික්ටත් අතර මැදින් සිටගත් ඔහුව පසෙකට තල්ලු කරන්න සාතික් ඉස්සර වෙනවත් එක්කම ඔහු සාතික් වෙත පෑවේ ඔහුගෙ හැදුනුම්පත. පොලිස් ලාංඡනය ඇති හැදුනුම්පත දෙස බැලු සාතික් නැවතත් ඔහු දෙස බැලුවෙ පුදුමයෙන්. ඒත් එක්කම වේගයෙන් පැමිණි කළු පැහැති වෑන්  රථයක් ඔවුන් අසල නතර වුණා.

" දෙන්නම ගිහින් වෑන් එකට නගිනවා... "

සිවිල් ඇදුමෙන් සිටි ඔහු අණ කලෙ මෝටර් රථයේ අනෙක් පස වුන් විෂූල්‍ දෙසද බලමින්.

" සර් අපි වැරැද්දක් කලේ නෑ..... අපිට යන්න දෙන්න සර්... මගේ ගල් ෆ්‍රෙන්ඩ් අර වෙහිකල් එකේ.... එයාව කට්ටියක් කිඩ්නැප් කලා.... "

ඔහුගෙන් ගැලවීමට නොහැකි බව තේරුම්ගත් සාතික් කියවන් ගියෙ කලබලයෙන්. විෂූල්‍ ද සාතික්ගෙ කතාවට එකතු වුණා. විෂූල්‍ සාතික් දෙදෙනා කලබලයෙන් මොන මොනවදෝ කියවන් ගියා.

" මෙයාව අදුරනවද......"

ඔහු දුරකථනයෙ තිබුණු ඡායාරූපයක් පෙන්නමින් ඇසුවේ සාතික් විෂූල්‍ දෙදෙනාගෙ සියුම් වෙනස් වීම් පවා විමර්ශනය කරමින්.

" ගාමිණී අංකල්....!! "

විෂූල්‍ පිළිතුරු දෙන්න ඉක්මන් වුණා. ඔහු තවත් ඡායාරූපයක් ඔවුන්ට වෙත පෑවේ ඇයවද හදුනනවාද කියලා අහන බැල්මකින් .

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Où les histoires vivent. Découvrez maintenant