😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 09 )
" අනේ පිස්සුද කෙල්ලේ.... මට ඔවා බෑ.... හැබැයි සාතික්ට නම් හොදටම පුලුවන්....
ඒත් එයා කවදාවත් මං ඉස්සරහ ගිටාර් ප්ලේ කරන්නෙ නෑ.... "වසුන්දරාගෙ මුවින් පිට වුන හැම වචනයකම තිබුනෙ වේදනාවක්. ඒ වේදනාව තේරුම්ගත්ත දූර් ගිටාර් එකත් අරගෙන වසුන්දරා ලගින් ඉදගත්තෙ ඇයගෙ අත උඩින් දූර්ගෙ අත තියන ගමන්.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" සාතික් ඇයි ආන්ටිට ඇහෙන්න ප්ලේ කරන්නෙ නැත්තේ.... "
දූර් එහෙම අහද්දි වසුන්දරා තනිවම මුවගට සිනහවක් නංවාගත්තෙ ඇස් පහතට හරවාගෙන.
" සාතික් හිතාගෙන ඉන්නේ එයා ගිටාර් ප්ලේ කරන එක මට වේදනාවක් කියලා.... මට තෙරෙන්නෙ නෑ... ඇයි ඒ ළමයා එහෙම හිතන්නේ කියලා... එයාගෙ තාත්තාගෙ විදියට එයා හැදුනා කියලා මට සාතික්ව එපා වෙනවද දූර්... එහෙම වෙන්නෙ කොහොමද එයා මගේ පුතා නේ... "
වසුන්දරා කතා කලෙ වේදනාවෙන්. සාතික්ගෙ මේ වෙනසට හේතුව ඔවුන්ගෙ දික්කසාදය බව වසුන්දරා හොදින්ම දැනගෙන වුන්නා. වසුන්දරාගෙ ඇස් වල කදුළු නලියන විට දූර් ඇයට තුරුලු වුණා.
" සාතික් මේ දේවල් තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට කියන එක අපි එයාට හිමීට තේරුම්කරමු ආන්ටි... "
පිටි අල්ලෙන් කදුළු පිසලාගත් වසුන්දරා දූර්ගෙ හිස අතගෑවෙ ආදරෙන්. දූර් සුරංගනාවියක් වගේ සතුට අරන් ඇවිත් කියලමයි වසුන්දරාගෙ හිත කිවුවේ. ඇයගෙ සුන්දර සිනහවෙන් වැසිලා තියෙන වේදනාව තේරුම්ගන්න පුලුවන් වුන දූර් ගැන වසුන්දරාගෙ හිතෙ ඇති වුනෙ ලොකු ආදරයක්.
" ආන්ටි තරහා වෙන්නෙ නැත්නම් පොඩි දෙයක් අහන්නද.... "
" මොකක්ද මැණික.... "
දූර් දහස් වරක් හිතුවෙ ඒ දේ අහන එක සුදුසු ද නැද්ද කියලා.
" මම..... මම මේ... ගිටාර් එක මගේ රූම් එකෙන් තියාගන්නද.... "
වසුන්දරාට එකවරම හිනා ගියෙ දුර් මෙතරම් බියෙන් ඇසු ප්රශ්නය ගැන. වසුන්දරා හිනා වෙවිම හිස සෙලවුවේ හා කියන්න.
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...