Chapter 4

289 49 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 04 )


"ඔනෙ නෑ..... මට කෙනෙක් හම්බවුණා.... "

ශෙනක්ෂි කිවුවේ අමුතු හිනාවකුත් එක්ක. ශෙනක්ෂිගෙ බැල්ම දිගෙ ගිය නිම්නාදිගෙ ඇස් නතර වුනෙ දුරින් පෙරලි පෙරලි එන දූර්ගෙ චායාව ලග.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋


" ආ.........හ්..... මෙක උඹට අදින්න බෑ දූර්... "

ලෝචනත් දූර්ෂාත් වුන්නෙ චෙන්ජින් රූම් එක ඇතුලෙ. දූර් චියරින් ගර්ල් කෙනෙකු ලෙස සැරසෙමින් වුන්නා. ලෝචී හති දැම්මෙ රතු පාට කොටු සායෙ බොත්තම ලං කරන්නවත් බැරි තැන.

" අර ශෙනක්ෂි හිතාමතාමයි මෙක කලෙ.... එයා හොදටම දන්නව මෙක උඹට අදින්න බෑ කියලා.... "

දූර් හුස්ම හිර කරගෙන බොත්තම් දමන්නට උත්සහ කරන අතර තුර ලෝචී ශෙනක්ෂිට දොස් කීවාය.

" ලෝචී කෑගහන්න එපා දෙයියනෙ....
දැන් මොනාම හරි කරලා මට මෙක අදින්නම වෙනවා.... එහෙම නැති වුනොත් එලියෙ ඉන්න හැමෝම මට හිනා වෙයි...
මං ආයෙත් ජෝක් එකක් වෙයි.... "

" උඹට ඔක කලින් හිතුනෙ නැත්තෙ ඇයි මගේ දෙයියෝ.....
දූර් උඹ දැන් ඔක ඇදගෙන ගියත් ජෝක් එකක් වෙනව.... ඇත්තම කිවුවොත් උඹ දැනටමත් ජෝක් එකක් වෙලා ඉවරයි ගොන් හරකියේ....
මහ ලොකුවට අර මෝඩ ශෙනක්ෂි ඇවිල්ලා කියපු ගමන් උඩ දාගෙන හා කිවුව නේ....
දැන් ඉතිං අර මොනාද කාපු උගුඩුවා වගේ ඉන්නෙ නැතුව මොනා හරි හිතපන් දූර්.... "

" මොනාද කාපු උගුඩුවා වගේ නෙමේ අනේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ...... "


දූර් කිවුවේ මූනත් එක්කම බෙරි කරගෙන හරි කොමලෙට. ඒ කතාවට නම් ලෝචීට කොහෙදෝ ඉන්න යක්ෂයෙක් ආරූඪ වෙන්න ලොකු වෙලාවක් ගත වුනෙ නෑ. අතට අහු වුන සෙරෙප්පුවකින් දූර් වෙත දමලා ගහපු ලෝචී කතා කලෙ අත් දෙකෙන්ම කොන්ඩය ඇදගනිමින්.

" කොහෙවත් ඉන්න උගුඩුවෙක් මතක් කරලා මගේ යක්සයා අවුස්සගන්නෙ නැතුව ඉදින් දූර්.... "

" කට්ටක් නැද්ද ලෝචී...."

දූර් ඇහුවෙ හුස්මක් අරගෙන ලෝචිගෙ තරහව ටිකක් නිමුනට පස්සෙ.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora