Chapter 33

169 38 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 33 )


" මට බය හිතෙනවා සාතික්.... "

" මං ඉන්නව නෙ ඔයත් එක්ක...."

දූර් එළිමහන් ප්‍රසංගයට බිය වී ඇති බව සිතු සාතික් මෝටර් රථයේ කවුළුවට හිස බර කරගත්තෙ රේඩියෝවෙන් ඇසෙන ගීය ද සෙමින් මුමුණමින්.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

" සර් ඊළග පෆෝර්ම් එක ඔයාලගෙ.... රෙඩි වෙලා ඉන්න.... "

සංවිධායිකාවක් එසේ කියන විටත් විෂූල්‍ සාතික් දෙදෙනා බොහෝ  කලබලයෙන් දුරකථන ඇමතුම් ලබාගනිමින් වුන්නා. ඔවුන් කෙතරම් කලබලයෙන් වුන්නාද කිවහොත් සංවිධායිකාවක්ගෙ පණිවිඩයවත් ඔවුන්ට ඇසුනෙ නෑ.

" කොහෙවත් නෑ එයා කොහෙවත් නෑ... මං දන්න හැමතැනටම කෝල් කලා දූර් ඒ කොහෙවත් නෑ.... "

අසල තිබු සෝෆාවක් මතට විෂූල්‍ දුරකථනය විසිකර දැමුවේ තරහින්. සාතික් බලාපොරොත්තු අතනොහැරම තවත් ඇමතුම් කිහිපයක් ලබා ගන්නට වුණා.

" හෙලෝ අම්මා.... අම්මා... ඔයා දූර්ගෙ අප්පච්චිට ගත්තද මොකද වුනේ... එයාවත් මොනා හරි  දන්නව ද...

මොකක්ද ෆෝන් ඔෆ්....?? "

ඇමතුම විසන්ධි කල සාතික් ස්ටූලයකට පයින් පහරක් එල්ල කරමින් සෝෆාවට වැටුනෙ දෝතින්ම හිස බදාගෙන. විෂූල්‍ වුන්නෙත් ලොකු කල්පනාවක. ලෝචීත් කලබලයෙන් එතැනට දිව ආවේ එ මොහොතෙ දි.


" මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා.... මං හොයලා බැලුවා කොලෙජ් එකෙන් ඔය දෙන්නට එක වෙහිකල් එකයි එවලා තියෙන්නෙ දෙකක් එවලා නෑ.... "

සාතික් විෂූල්‍ දෙදෙනා එක මොහොතකින් නැගිටගත්තෙ ඇස් ලොකු කරගෙන. සාතික් හිසකෙස් අතින් පිටුපසට ඇදගත්තෙ වරදක් සිදුව ඇති බවට ඒ කතාව සාක්ෂි දරද්දන නිසාය.

" හෙක්ටර්....!!! "

විෂූල්‍ට කියවුනෙ ඉබේටම. මෙය හෙක්ටර්ගෙ සූක්ෂම පැහැරගැනීමක් යැයි සිතන්නට විෂූල්‍ට ලෝචී සොයාගත් කරුණු සාක්ෂියක් වුණා. හෙක්ටර් කෙනෙකු ගැන සාතික් හෝ ලෝචී දැනගෙන වුන්නෙ නෑ. හෙක්ටර් යන නාමය නිසා ඇති වූ විෂූල්ගෙ නොසන්සුන් බව සාතික්ටත් ලෝචීත් ඉතිරි කලෙ තවත් නොවිසිදුන ගැටලුවක්. හෙක්ටර් යනු කවුදැයි ඇසු සාතික්ගෙ පැනයට පිළිතුරු නොදීම වියරුවෙන් මෙන් පිටතට දිව යන්න ගිය විෂූල්‍ නතර වුනෙ ඔහුට ඇසුනු දෙයින්.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Where stories live. Discover now