chapter 3

410 56 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 03 )

කිසිවෙකුත් ඇයව නොදුටුවා යැයි සිතාගෙන දූර් පන්තියට දිව ගියත් සාතික්ගෙ උකුසු ඇස් වලින් බෙරෙන්න නම් දූර්ට පුලුවන් වුනෙ නෑ. හැම දේ ගැනම ඔනාවටත් වඩා සැලකිලිමත් වෙන සාතික්ගෙ ඇස් පුහුණුව අතරතුර දි වුනත් ග්‍රවුන්ඩ් එක පුරාම දුවන්නෙ පුරුද්දට. ඔහුගෙ ස්පෝට්ස් බෑග් එක ලග කවුරුන් හෝ කැරකෙන බව සාතික් දුටුවේ එවැනි මොහොතක. සාතික් ඒ දෙසට එනවත් සමගම දූර් එතැනින් දිව ගියත් ඒ දූර් බව අදුනගන්න සාතික්ට අපහසු වුනේ නෑ. බෑග් එක මත තිබුණු ජර්සිය දැකිමෙන් සාතික්ගෙ සැකය තවත් ස්තීර වුණා.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

සාතික්ගෙ මුහුණට සිනහවක් ඇදුනෙ ඉබේටම. නැමිලා ජර්සිය අතට ගත්ත සාතික් ජර්සිය දෙසත් දූර් දිව ගිය මාර්ගය දෙසත් වරින් වර බලමින් සිනාසුනෙ හිස ද සොලවමින්.

" සාතික් මොකද බන් මෙතන කරන්නෙ.... වරෙන්කො ප්‍රැක්ටිස් කරන්න... "

පිටුපසින් විත් සාතික්ගෙ කරට ගිහාන් අත දැම්මෙ ජර්සි එක මත ඇස් තියාගෙන.

" ඔය උඹේ ජර්සිය ද....... "

සාතික්ගෙ අතෙ තිබුණු ජර්සිය උදුරගත්ත ගිහාන් බැලුවෙ ජර්සියෙ ප්‍රින්ට් කර ඇති අංකය දිහා.

" නම්බර් සෙවන්.... යකු මෙක උඹේ ජර්සි එක නේ....
එහෙම වෙන්නෙ කොහොමද සාතික්.... අපි මෙ අලුත්  ජර්සි ඔඩර් කලෙ ගානට නේ.... "


" උඹට වැඩක් නෑ නේ ගිහාන්....
මං මොකටත් කියලා එක්ස්ට්‍රා ජර්සි එකක් ඔඩර් කරල තිබුනෙ.... "

සාතික් ගැලවිජ්ජාවේ නියාය අනුගමනය කලෙ අහක බලාගෙනම. සාතික්ගෙ ලගම මිතුරෙකු වූ ගිහාන්ගෙන් ද සාතික් ඇත්ත සැගවුයෙ පුරුද්දටය. සාතික් කිසිදු දිනක ඔහුගෙ ජිවිතෙ සිදුවන ඇතැම් සිදුවීම් වල සත්‍ය ඒ ලෙසින්ම කිසිවෙකුත්හට නොපැවසුවාය. සාතික් එ වැන ජීවන රටාවකට හුරු වුනෙ වසුන්දරාගෙත් ප්‍රකාශ් සිංගෙත් විවාහය දෙදරායාමෙ ප්‍රතිඵයක් ලෙසට. සාතික් කිසිදාක ඔහුගෙ හදවත කිසිවෙකුටත් සම්පූර්ණයෙන්ම විවර කර නොදුන් නිසාම ඔහු පාසල තුළ ප්‍රසිද්ධ වූයේ ආඩම්බරකාරයෙකු ලෙසය. කිසිවෙකුවත් ඔනාවට වඩා ගනන් නොගන්න ඔහු උදව් අවැසි අයෙකුට උදව් කිරීමට පෙලබෙන්නෙද නිතරගයෙනි.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora