😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 24 )
" ඩොක්ටර්ස්ලාට වැරදෙන්න ඇති සාතික්... දෙවියන්ට බෑ අපිට මෙහෙම කරන්න... "
දූර් ඔහුගෙ හිත සනසාලන්නට කෙතරම් දේ කීවත් සාතික්ට ඒ කිසිවක් නෑසුන තරම්.
අම්මත් එක්ක ගත කල දවස් වලින් මතකයෙ ඇති අන්තයටම ගිය සාතික් එකින් එක මතක අමුණන්නට ගත්තෙ වේදනාව පිරුණු වර්තමානයෙන් මොහොතකට මිදෙන්නට සිතාගෙන.ඉදහිට කඩා හැලෙන වැස්ස සතුට අරගෙන ආවත් මේ මුලු ලෝකයම දුක කියන වළාවකින් වැසුණු හිස් බිමක්. ඒ හිස් බිම තුළ ජීවිතය හොයන අපි වේදනාවන්ට මුහුණ දිය යුතුම වුණා. දුක ලගම සතුටත් සතුට ළගම දුකත් හරි අපූරු ගැලපීමක් එකතු කරන්නෙ ගන්න හුස්ම පොදට පවා විවිධත්වයක් එකතු කරමින්.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
වසුන්දරාට අත් වී ඇති අවාසනාවන්ත ඉරණම ගැන කිසිවක් ඇයට නොපැවසීමට ගිවිසගත් සාතික් දූර් දෙදෙනා ද ඒ සත්‍ය අමතක කිරීමට උත්සහ කලෙ වසුන්දරා නැවත නැගිටිවියැයි යන අහිංසක බලාපොරොත්තුව ලොකුවට හිත තුළ දල්වාගෙනය.
" අද මං අම්මා එක්ක ඉන්නම්.... ඔයා ගෙදර යන්න.... "
ගෙවුන දින කිහිපය පුරාම වසුන්දරා සමගින් රෝහලෙ රාත්‍රිය ගත කලෙ දූර්ය. දින කිහිප පුරාම නින්ද අහිමිව ගිය දූර්ගෙ මුහුණ පුරා දිස් වූයේද විඩාබර බවක්. ගිලිණු ඇස් මෙන්ම කිසිදු ජීවීබවක් නොමැති ඇයගේ සමේ වර්ණයත් විඩාබර බව කියාපෑවේ සාතික්ගෙ හිත තුළ හීනියට වේදනාවක් සනිටුහන් කරමින්.
" කමක් නෑ සාතික්.... ඔයා යන්න මං ඉන්නම්.... "
කෙතරම් අපහසු කාලයක් ගෙවෙමින් තිබුණත් දූර්ට ඔන වුනේ වසුන්දරා ලගින්ම ඉන්න. දෙවෙනි අම්මා වූ වසුන්දරාව ද ඇයට එක් ක්ෂනයකින් අහිමි වී යාවීයි ලොකු බියක් ඇයගෙ සිත තුළ නිදන්ගත වී තිබුණා.
දූර්ගෙත් වසුන්දරාගෙත් බැදීම කෙතරම් ද කියන්න සාතික් වුනත් හොදින්ම තේරුම් අරන් වුන්න නිසාම සාතික් කෙසේ හෝ දූර්ව නිවසට යවන්න පෙරැත්ත කලා.
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...