😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 30 )
" සා.... .. ..... ......... "
දූර් කතා කලත් ඇයගෙ හඩ නම් පිට වුනෙ නෑ. සාතික් විෂූල් දෙදෙනා මුහුණට මුහුණ බලාගත්තෙ ඔවුන් බියවූ ඒ නපුර දැනටමත් සිදුව අවසන් වී තිබුණු නිසා.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" ඔයා ඇන්ටිබයොටික්ස් මොනා හරි ගන්නව ද.... "
කොලෙජ් එකට අනුයුක්තව සිටි වෛද්‍යවරිය දූර්ව පරීක්ෂා කරමින් එසේ අසන විට දූර් නෑ කියන්න හිස සෙලවුයෙ සාතික් දෙසද බලමින්.
" නෑ කිවුවට මට පෙන්නෙ ඔයා ඇන්ටිබයොටික්ස් අරන් තියෙනවා ඒකත් ඔවර් වෙයිග්ට්....
සොරි ටු සේ.... මෙයාට නම් අද සින්ග් කරන්න වෙන්නෙ නෑ.... "වෛද්‍යවරිය සාතික් දෙස බලමින් එසේ කිවුවේ දූර් අඩන්න පටන්ගද්දි. බෙහෙත් පෙති කිහිපයක් දැනට ලබා දුන් වෛද්‍යවරිය පිටව ගියෙ මේ මොහොතෙ ගායනා කිරීම ඇයගෙ හඬ සදාකාලිකවම අහිමි වීමට හේතුවක් වේවියැයි අවධාරණය කරලා. බෙහෙත් පවා එපා කියමින් දූර් අඩන්න පටන්ගත්තෙ ඒ කතාවට. ඇය ඉකිගසමින් හඩමින් වුන්නත් ඇයගෙ හඩ නම් පිට වුනෙ නෑ.
" දූර් මේ බෙහෙත් බොන්නකො මුලින්ම... "
සාතික් ඇයට ලං වුනෙ ලෝචිගෙ හඩට ඇය අවනත නොවන තැන. දූර් බොහෝ අපහසුවෙන් කතා කරන්න උත්සහ කලා.
" ම... මට..... සින්...ග් කරන්න... ඕ... ඔනා සාහ්තික්.... "
" හරි ඔක්කොටම කලින් මේක බිලා ඉන්නකෝ.... "
සාතික්ට අකීකරු වෙන පුරුද්දක් දූර්ට කොහොමටවත් තිබුනෙ නෑ. ඉතිං සාතික්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි තැන දූර් බෙහෙත් පෙති ගිලලා දැම්මෙ අප්පිරියාවෙන්.
" චුට්ටක් රෙස්ට් කරන්නකො දූර්.... මං බලන්නම් මොනාද කරන්න පුලුවන් කියලා.... "
දූර්ව පුටු පත්තට හේත්තු කර ඇයගෙ හිස අතගාමින් සාතික් විෂූල් ලෝචී දෙස බැලුවෙ බලාපොරොත්තු නැති වූ හැගීමකින්. විෂූල් ලෝචී දෙදෙනාමත් වුන්නෙ ඒ හැගීමේ.
VOUS LISEZ
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Roman d'amour#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...