😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 32 )
" අප්පච්චි.....? "
දූර්ගෙ මුවින් අප්පච්චි යන වචනය පිටවූ සැනින් ඔහු දූර් වෙත හැරුනෙ විදුලියක් වගේ.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" අප්පච්චි....!! "
ගාමිණීගේ මුහුණ දුටු පමණින් දූර් ඔහුගෙ තුරුලට පැන්නෙ අවුරුදු ගානකට පසුව. ගුවන්තොටුපළින් පිටත්ව පළමුව දූර්ව හමුවීමට පැමිණි ගාමිණීට ද එය පුදුම තරම් සතුටක් වුණා.
" දෝණි.... මගේ කෙල්ල හොදින් ඉන්නවා නේද... "
" අප්පච්චි මට ගොඩක් සතුටුයි.... යමු අපි ගෙදර යමු අප්පච්චි මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා.... "
අප්පච්චිගෙ හදිසි පැමිණිම ගැන සිතමින් දූර් සතුටින් උඩ පැන්නත් ඔහුගෙ සිනහව අතුරුදහන් වුනේ ඉබේටම. ප්‍රධාන දොරටුව වෙත එන සාතික්ගෙ ඡායාව දුටු ගාමිණී දූර්ව පිටතකට ඇද ගත්තෙ කලබලයෙන්.
" ඇයි අප්පච්චි.... "
" දූර් මට වැඩි වෙලාවක් නෑ.... මං කියන දේ හොදට අහගන්න.... ඔයා මාත් එක්ක යන්න එන්න ඔනේ... ඒ වගේම අපි දෙන්නා මුණගැහුනා කියන එක කවුරුත්ම දැනගන්න බෑ... ඔයාගෙ සාතික්ටවත් බෑ.... "
හිනා වෙවි හරි සැහැල්ලුවෙන් වුන්න දූර්ගෙ මුහුණ අදුරු වෙන්න වැඩි වෙලාවක් ගත වුනෙ නෑ. සතුට එක්ක දුකත් ඇයව සොයා එන්නෙ නිරන්තරයෙන්.
" මට තෙරුනෙ නෑ.... අපි කොහෙද යන්නෙ අප්පච්චි.... එතකොට මං ඉන්දියා යන්නෙ නැද්ද..... "
" මට හැම දේම විස්තර කර කර ඉන්න වෙලාවක් නෑ....
ඔයා ඉන්දියා යන්නෙ නෑ දූර් ඒ වෙනුවට ඔයා මාත් එක්කයි එන්නෙ.... හැබැයි ඔයා ඉන්දියා යන්නෙ නෑ කියන එක අපි හම්බවුනා කියන එක අන්තිම දවසෙ අන්තිම මොහොත වෙනකම්ම කවුරුත් දැනගන්න හොද නෑ.... "ගාමිණී අල්ලන් වුන්න අත ගසලා දාපු දූර් අඩියක් පිටුපසට තල්ලු වුනෙ ඇස් බොර පැහැයට හැරෙද්දී.
ESTÁS LEYENDO
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...