😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 35 )
" ආදරෙ කරන දෙන්නෙක්ව ඈත් කරලා තියන එක පවක් ප්‍රකාශ්..... එයාලා ඒ ප්‍රශ්න විසදගනි... සාතික් දූර් දැන් පොඩි ළමයි නෙමේ.... "
වසුන්දරාගෙ ඒ කතාවත් එක්ක ලොකු හුස්මක් ගත්ත ප්‍රකාශ් ආයෙත් කල්පනාවට වැටුනෙ නිහඩවම.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
ප්‍රකාශ්ගෙ ඒ දැඩි තීරණය හමුවේ සාතික් දිගින් දිගටම හිතුවක්කාර වෙන්නට විය. කෑම බීම පවා ප්‍රතික්ෂේප කරන සාතික් නිවසට පැමිණියෙද පාන්දර ජාමයේය. ඇතැම් දිනවල එසේ හෝ නොපැමිණීමට තරම් ඔහු හිතුවක්කාර තීරණ වලට එලැබිය. ව්‍යාපාර කටයුතු කෙරේ කිසිදු උනන්දුවක් නොදක්වන සාතික් මීටින් රූම් එකට ආවත් ඉන්නෙ වෙනම ලෝකෙක. ප්‍රකාශ් සමගින් කතා කරන වචන ගානද හ්ම්ම් නෑ බෑ ලෙස කෙටි කර තිබුණා. හිතුවක්කාර පුතෙකුගෙ චරිතය සාතික්ට නුපුරුදු වුනත් ප්‍රකාශ්ගෙන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඇති එකම මාර්ගය මෙය යැයි ඔහු විශ්වාස කලා. යශ්රාන්ගෙ නිවසෙ කාලය ගත කරන සාතික් පාන්දර ජාමයේය නිවසට එන්නෙ මවාගත් මත් බවකින්. මුලු රාත්‍රියම සාමාජ ශාලාවක ගත කලා යැයි ප්‍රකාශ්ට ඒත්තු ගන්වන්නට සාතික්ට ඔන වුණා.
සාතික් දවසින් දවස හිතුවක්කාර වෙද්දි ප්‍රකාශ් ද ඔහු ගැන බය වුණා. වසුන්දරාත් නොමැති නිසා සාතික්ගෙ සම්පුර්ණ වගකීම් පැවරී තිබුනෙ ප්‍රකාශ්ට. සාතික්ගෙ ඉල්ලීමට අවසර දෙන්න ප්‍රකාශ් තීරණය කලෙ දිනෙන් දිනම නරක පැත්තට වෙනස් වන සාතික්ගෙ අනාගතය ගැන කලකිරීමකින්.
" ආයෙ යන්න සාතික්.... ඇන්ඩ් නෙවර් කම් බැක්..... "
ගමන් බලපත්‍රයත් ලංකාවට යාම සදහා ගුවන් ටිකට් පත ද සාතික් වෙත දිගු කල ප්‍රකාශ් රැවුමකට ලග බැල්මකින් එහෙම කිවුවෙ සාතික්ගෙ හිත වෙනස් කරන්න අන්තිම අවස්ථාවෙ ද උත්සහ කරමින්ය.
" වසුන්දරාට වගේම ඔයාටත් දිල්ලියෙ සුවද දැනෙන්නෙ නෑ සාතික්....
මට තවත් ඔයාව මෙහෙ හිර කරගෙන ඉන්න බෑ.....
යන්න සාතික් ගිහින් ජිවිතෙ හොයාගන්න...
අප් නී කුෂි පාඕ... ( ඔයාගෙ සතුට හොයාගන්න ) "
VOUS LISEZ
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Roman d'amour#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...