Chapter 17

266 45 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 17 )

" එයා එක කියවලත් මට මේ ගෙදරින් යන්න කිවුවා කියන්නේ.... එක ද එයාගෙ උත්තරේ.... සාතික් ඔයාට මාව ඒ තරම්ම පිළිකුල් ද..... දූර් ඔයා කොහොමද දූර් මේ තරම් මෝඩ වුනේ.... හැමෝගෙම විහිලුවක් වෙන ඔයාට සාතික් අනුකම්පා කරලා විතරයි දූර්.... එයාගෙ හැම බැල්මකම පවා ඔයා මහ හුගක් ආදරෙ දැක්කට දූර්.... එයා කවදාවත් ඔයා දිහා එහෙම බලලා නෑ..... දෙවියනේ මම වගේ මෝඩියක්.... "

අඩි කිහිපයක් එහායින් තියෙන තමන්ගෙ කාමරයට යන්න තරම්වත් දූර්ට ශක්තියක් නෑ.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

" දූර්... "

කාටත් හොරෙන් උදේනම කොලෙජ් එකට යන්න පිටත් වුන දූර් දොර ලග නතර වුනෙ වසුන්දරාගෙ හඩටය.



" ඇයි මේ අද උදේන්ම.... ඊයේ රෑට කෑවෙත් නැති නිසා කාලා යන්න දූර්.... ඔයා කැමති නිසා මම සැන්විචර්ස් හැදුවා... "


වසුන්දරා දෙස නොබලාම එපා කියන්නට හිස සෙලවූ දූර් ඉක්මනින්ම පිටතට ඇවිත් දොර වසා දැමුවේ ඇයගෙ ඉදිමුණු රතු පැහැති ඇස් වසුන්දරා දකීවි කියන බයට.

දූර් කෙතරම් උත්සහ කලත් වේදනාවෙන් ගිලුනු ඇයගෙ ඇස් වසුන්දරාගෙන් සගවන්න ඇයට පුලුවන් වුනෙ නෑ. කිසිදු ජීවි බවකින් තොරව පාර දිගෙ ඔහේ ඉදිරියට ඇදෙන දූර් දෙස වසුන්දරා ජනෙල් කවුලුවෙන් බලන් ඉන්නට වුණා. කිසිදු බලාපොරොත්තුවක් හීනයක් නොමැති නමුත් හුස්ම වැටෙන හිතින් අප්‍රාණික  දූර්ගෙ දසුන වසුන්දරාට හීල්ලුමක් එක්කලා.


" ඒ පුංචි කෙල්ලගෙ හිත හොදටම රිදිලා... දෙවියනෙ මං මොනවද මේ කලේ..... "

වසුන්දරා පපුවට අත තියාගෙනම සෝෆාවට වැටුනෙ දූර්ගෙ හිනාව නැති කරන්න ඇයද පව්කාරියක වූ බව සිතමින්.


" ශේනූ දුව කියන්නෙ ඇත්ත නෙමේ.... දූර්... මගේ දූර් කෙල්ල එහෙම ළමයෙක් නෙමේ... එයා හරිම අහිංසක පුංචි කෙල්ලෙක්...
මාව අම්මා විදියට හිතාගෙන ඉන්න දූර් ගැන මොනවද මම මේ හිතුවේ.... "


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Où les histoires vivent. Découvrez maintenant