😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
.........🍔 පසුවදන 🍔 ...........
ඔයාලට තියෙනව ද celebrity couple crush කියන රෝගය 😂 මට නම් ඒක ටිකක් සැරට තියෙනවා... ඇත්තම කිවුවොත් මං කැමති celebrity couple එක breakup වෙනව කියන්නෙ මට සතියක් විතර නොකා නොබී හිතන්න තරම් ප්‍රශ්නයක් ඒක 😂😂 ඇයි යකූ කොහෙවත් ඉන්න ඌන් දෙන්නට අපි මෙච්චර ලව් නම් ඌන් දෙන්නට බැරිද අපිට පේන්න ටිකක් ලව් එකේ ඉන්න... හා නැද්ද
😂😂 celebrity couple crush ගැන කතා කරද්දි මගේ ෆේවරිට්ම කපල් එක රන්වීර් දීපිකා 😍😍😍 ඒ ඩබලට පස්සේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න දෙන්නෙක් තමයි aashika & Satvik ඔව් ඔව් දූර් & සාතික් දෙන්නා තමයි. ඉතිං මං කතාව ලියන්න පටන්ගද්දිත් මුන් දෙන්නා breakup වෙලා වුන්නෙ 😭😭 ඌන් දෙන්නා breakup වුන ගමන් කරන ලොකුම වීරක්‍රියාව තමයි කපල් ෆොටෝ ටික හයිඩ් කරන එක... පුහ් මයි ෆූට් 😂 අපිට පාන් ද ඉතිං... ඔය ඕන තරම් fan page වල ඒ ෆොටෝ ගෙඩි පිටින් තියෙන්නේ 🙄🙄 ඉතිං කවර්ස් වලට මං කපල් ෆොටෝ ටික හොයාගත්තෙ එහෙම ලූ.. 😬😂❤
ඊළගට කතාව ගැන කිවුවොත් චබී & MR පර්ෆෙක්ට් කන්සෙප්ට් එක මගේ ඔලුවට ආවෙත් මේ කපල් එක නිසාම තමයි. එතකොට කතාවේ එන්ඩ් එක 🙄🙄 මට ඔන වුනෙ දූර්ව මරන්න... විශ්වාස කරන්න 37 වෙනි එපිය ලියද්දිත් මං හිතන් වුන්නෙ දූර්ව මරන්න 😐 ඒත් හිත වෙනස් වුණා...හිත වෙනස් කලෙත් දූර් සාතික් කපල් එකමයි 😁 මාස ගානක් breakup වෙලා වුන්න ඒ ඩබල ආයෙත් affair එක පටන් අරන් 😂😂 මගේ ෆේවරිට් කපල් එක ආයෙත් එකතු වෙලා හම්මේ ඉතිං මට තියෙන පිස්සුවත් එක්ක කොහොමද හිත හදන් දූර්ව මරන්නෙ මං... සැක් මුන් දෙන්නට තිබුනෙ නැද්ද කතාව ඉවර වෙනකම් ඉදලා යාලු වෙන්න 🙄🙄 එක එහෙම වුනයි කියමුකෝ ඊළගට ලාස්ට් එපිසොඩ් එකේ ෆයිට් සීන් එක 😬 ඒකත් මට ඔන කරපු ලෙවල් එකට ආවේ නෑ... සාතික්ලා වගේ හිච්චන් කොල්ලො එක්ක ආයේ බරපල ගේම් වලට බහින්නෙ නෑ කියලා මං ඊයෙම තීරණය කලා... 😂😂😂🙏 ( අකී ඔවාගෙ අඩුව සෑහෙන්න දැනුනා 😂 හුම්ම්ම්... අකී වුන්නා නම් හෙක්ටර්ගෙන් පුඩිම් හදනවා මං ඕ යැස් 😂❤ )
ඊළගට කතාවේ චරිත... දූර් සාතික් විෂූල් ලෝචී වසුන්දරා ප්‍රකාශ් ගාමිණී ශෙනක්ෂි ගාවින් හෙක්ටර් තව වුන්නා ඒ සේරම එකින් එකට වෙනස් චරිත... ඒත් මට ගොඩනගන්න අමාරුම චරිතෙ වුනෙ දූර්.. දූර් වගේ සතුරාට ප්‍රේම කරන පුරුද්දක් මට නෑ ගැහුවොත් ගහන ලයින් එකෙ මං ඉන්නේ.... 😂😂🙏 ඒ නිසා දූර් වගේ අහිංසක විදියට හිතන්න මං හෙන ගේමක් දුන්නා... ඊළගට සාතික්... සාතික් කියන්නෙ ෆුල් ඉමෝෂනල් කැරැක්ටර් එකක්.. සාතික් කියන පිරිමි චරිතයට හානි නොවෙන්න කොල්ලව ඉමෝෂනල් කරන එකත් ටිකක් අමාරුයි මොකද ඌ හොටු පෙර පෙර අඩන්නත් බෑ වෑලි කාලා බිම පෙරලි පෙරලි කෑගහන්නත් බෑ 😂😂 ඔය මුකුත් නැතුව සාතික්ට දැනෙන ෆීලින්ග් එක කියවන ඔයාලට දැනෙන්නත් ඔනේ සාතික් ඉමෝෂනල් වෙන්නත් ඔනේ හපොයි ඒක ලේසි වැඩක් වුනෙ නෑ.... සාතික්ව ඔයාලට දැනුන නම් මං සාර්ථකයි ❤
ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කතාවට ගැලපෙන්න විඩියෝ හොයා ගන්නවද විඩීයෝවලට ගැලපෙන්න කතාව ලියනව ද කියලා 😂😂😂
මෙහෙමයි මං ආසයි කතාවට ගැලපෙන විඩීයෝ අප්ලෝඩ් කරන්න... ඒ නිසා මං හොයලා හොයලා ගැලපෙනම අයව තමයි කවර් වලට ගන්නේ ❤ ඒ වගේම ඔය විඩියෝ ගොඩක් ඒවා කෑලි කපලා කොටලා හදපුවා 😂
සාතික් දූර්ගෙ ඇත්ත නම් අහපු අයට ⬇️⬇️
දූර් 🍜 #aashika_bhatia
සාතික් ❤ #satvik_sakhyanඒ වගේම මුන් දෙන්නා එකට ඉන්න ෆිල්ම් නෑ... මාත් මෙ බලන් ඉන්නෙ එහෙම එකක් එනකම් 😂😂
හරි දැන් ඇති... එහෙනම් මං ගියා.... ආයේ එන්නම් 🙄 ඔය කිවුවට කවදා කොහොම ද දන්නෙ නෑ ශුවර් නෑ....
චබී & මිස්ටර් පර්ෆෙක්ට් ඉවරා..............යි...................
😍😍😍😍😍කවුද ඇත්තටම මෙ දෙන්නගෙන් මිස්ටර් පර්ෆෙක්ට් 🤔🤔🤔
❤ සාතික්
💔 විෂූල්🤔🤔🤔🤔
ශානු ආදරෙයි ඔයාලට බර්ග එකක් තරමටම 😁🍔🍔🍔🍔🍔🍔🍔🍔❤❤❤❤🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔
VOCÊ ESTÁ LENDO
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...