Chapter 22

211 42 3
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 22 )

කොලෙජ් එකෙන් පිටත තිබුණු පෝස්ටරය කියවමින් බලමින් සිටි බොහෝ දෙනා අතරින් ඉදිරියට ඇදුනු අවු කණ්ණාඩි පැලදි අයෙක් දූර්ගෙ ඡායාරූපය දෙස බැලුවේ අවු කණ්ණාඩිය පවා ඉවත් කරමින්. බෙහෙවින් වුවමනාවෙන් ඒ පෝස්ටරය දෙස බලමින් කියවමින් වුන්න ඔහු දුරකථනය ගෙන කවුරුන් හට හෝ ඇමතුමක් ලබා ගත්තෙ පෝස්ටරයෙ ඇති දූර්ගෙ උවන මත ඇස් රදවාගෙන.

" හෙලෝ බොස්....
මට පේන්නෙ අපිට වැරදිලා......
අර කෙල්ල තාමත් ලංකාවේ ඉන්නවා....  "

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

" කල කල දේ පල පල දේ කියන්නෙ ඕවට හා නැද්ද මං අහන්නේ..... "

ග්‍රවුන්ඩ් එකෙ ඈතින් පේන දර්ශනය දිහා බලාගෙන ලෝචී කට පුරා සිනාසෙන්නට වුනත් දූර්ට නම් ඒ පෙනෙන දර්ශනය එතරම් සතුටක් ගෙන දුන්නෙ නෑ.

" පව් ලෝචී....
මොකක්ද මෙයාලගෙ මේ ප්‍රශ්නේ...?? "

ගාවින් ඇතුලු ඔහුගෙ මිතුරන් ශෙනක්ෂිව වටකරගෙන ඇයට සරදම් කරමින් වුන්නෙ බෙහෙවින් අප්‍රසන්න ලෙසිනි.


" ඔය ඉතිං ලව් කේස් එකක් නේ.... ගාවින්ට ශේනූ බූට් එක තියලලූ... එකට පළිගන්න තමයි ඔහොම කරන්නේ...
ඌන්ගෙ ප්‍රශ්න වලින් අපිට වැඩක් නෑ... ඒක නෙමේ උඹට ලැජ්ජා නැද්ද දූර්, ශේනුට පව් කියන්න... ඇයි මතක නැද්ද... ශේනූට කලින් ඔය හැමෝගෙම බයිට් එක වෙලා වුන්නෙ උඹ කියලා.... "


" ඒ හැම දෙයක්ම මතක නිසා තමයි ශේනූ ගැන දුක් වුනේ.... හැමෝගෙම බයිට් එකක් වෙද්දි වට වෙලා ඉන්න හැමෝම අසරණ වුන කෙනාටම හිනා වෙද්දි දැනෙන හැගීම..... ඒ වේදනාව මං ඔන තරම් විදලා තියෙනවා ලෝචී.... තවත් කෙනෙක් මං වුන්න තැන ඉන්නවා බලාගෙන ඉන්න මට බෑ...."

ලෝචී නතර කරන්න උත්සහ කරද්දිත් දූර් ග්‍රවුන්ඩ් එක වෙත දිව යන්නට වුනෙ ලෝචීගෙ අකමැත්ත මද්‍යයේය.



" පිස්සු කෙල්ල... ආයෙත් ලෙඩක් දාගනි වගේ....
කොහෙද මේ සාතික්... එයත් මේ වෙලාවටම නෙ අතුරුදහන් වෙන්නෙ... "



🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora